News Line| Off Air| Games
Generic placeholder image

May
16

ට්‍රම්ප්ගේ සුරූපී බිරිඳට ශල්‍යකර්මයක්.

551 Views


ට්‍රම්ප්ගේ සුරූපී බිරිඳට ශල්‍යකර්මයක්.

ලෝක බලවතාගේ බිරිඳ වෙනවා කියන එකත් ඉතිං සෙල්ලම් වැඩක් නෙවෙයි. මොකද ඉතින් මොන බලවතා වුනත් බිරිඳට බයයි නේ. හැබැයි ඉතින් ලෙඩ රෝග වලට නම් මොන සක්කරයත් එකයි. තනතුරු තාන්න මාන්න බල බල ලෙඩ හැදෙන්නේ නෑ.

ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ගේ සුරූපී බිරිඳටත් සැත්කමක් කරලා තියෙනවා. මෙලානියා ට්‍රම්ප් වකුගඩු වල සැත්කමකට භාජනය කරා කියලා ධවල මන්දිරය සඳහන් කරා. මෙලානියාගේ වකුගඩු වල අවහිරතාවයක් ඇති වෙලා තියෙනවා. සැත්කම සාර්ථකව කරා කියලා වෛද්‍යවරු සඳහන් කරනවා.

ඇයට මේ සැත්කම කරලා තියෙන්නේ වෝල්ටර් රීඩ් හමුදා රෝහලේදී. සැත්කමෙන් පස්සේ මෙලානියා, මේරිලන්ඩ් ජනපදයේ බෙතෙස්ඩා රෝහලට මාරු කරලා යවලා තියෙනවා. දවස් කිහිපයක් ඇයට විවේක ගන්න වෙනවා කියලයි වෛද්‍යවරු කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post