ඉන්දියාවේ මේ දවස්වල වේගයෙන් ව්‍යාප්ත වෙන රැල්ලක් තමයි #MeToo කියන්නේ. තමන්ට ලිංගික අතවර කළ ජනප්‍රිය චරිත ගැන හෙළිකරන්න තමයි මේ #MeToo සමාජ මාධ්‍ය රැල්ල ඇති කරේ.
හැබැයි මේ වෙද්දී සමහර කාන්තාවන් ජනප්‍රිය වීම සඳහා මේ රැල්ල භාවිතා කරනවා කියලා විදෙස් මාධ්‍ය චෝදනා කරනවා. විශේෂයෙන්ම ජනප්‍රිය පුද්ගලයින්ට මඩ ගැසීම සඳහාත් දැන් #MeToo රැල්ල භාවිතා කරන්න පටන් අරන්. මේ #MeToo රැල්ල හරහා ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් මද ප්‍රහාර එල්ල කරන්න පටන් අරන්.
මුලින්ම මේ ප්‍රහාරයට අහු වුණේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග. ඉන්දීය ගුවන් සේවිකාවක් තමයි #MeToo එක යටතේ අර්ජුනට චෝදනා කරලා තිබ්බේ. දැන් අලුත්ම ගොදුර වෙලා තියෙන්නේ ලසිත් මාලිංග.
ඉන්දියානු ගායිකාවක් වන Chinmayi Sripaada තමයි #MeToo එක යටතේ ලසිත් මාලිංගට චෝදනා කරලා තියෙන්නේ. මෙවැනි පදනම් විරහිත මඩ ප්‍රහාර නිසා #MeToo රැල්ල දැඩි විවේචනයට ලක්වෙලා තියෙනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
https://twitter.com/Chinmayi/status/1050302690708750339