News Line| Off Air| Games
Generic placeholder image

Apr
24

ඉන්ධනවලට හදපු මිල සූත්‍රය අද කැබිනට් මණ්ඩලයට

563 Views


ඉන්ධනවලට හදපු මිල සූත්‍රය අද කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය ගැන කසු කුසුවක් මේ දවස්වල කටින් කට යනවා. ඉතින් මේ මිල සුත්‍රය ගැන අද (24) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය කියනවා.

ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් එක්ක ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල වුනා. ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් පස්සේ අමාත්‍යාංශය දවසකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් ලැබූ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් කියනවා.

මෙම තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවිය යුතු බවට ඔවුන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දීල තියෙනවා. කොහොම වුනත් මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධ ව මිල සූත්‍රයක් සකස් කරන්න පියවර ගත්තා. මේ වෙද්දී ඒ සුත්‍රය හදල ඉවරයි කියලයි මුදල් අමාත්‍යාංශය කියන්නේ.

ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පස්සේ මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවිය හැකි බවටත් වාර්තා පළවෙනවා. ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලෙහි ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව තමයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post