News Line| Off Air| Games
Generic placeholder image

Jul
14

අලුගෝසු තනතුරට බඳවා ගැනීම් සදහා අයදුම් පත‍්‍ර නිකුත් කිරීම ලබන සතියේ

2076 Views


අලුගෝසු තනතුරට බඳවා ගැනීම් සදහා අයදුම් පත‍්‍ර නිකුත් කිරීම ලබන සතියේ

මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට අදාල අලූගෝසු තනතුරෙහි බදවා ගැනීම් සදහා අයදුම් පත‍්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ 2015 වසරේ සිට බන්ධනාගාරය තුල පවතින අලූගෝසු තනතුර සදහා වූ පුරප්පාඩු 2ක් සදහා එලෙස අයදුම්පත‍්‍ර නිතුත් කරන බවයි.

මරණ දණ්ඩනය සදහා භාවිතා කරන කඹය ද මේ වන විට පාකිස්ථානයෙන් ආනයනය කර තිබෙනවා. මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යංශයට භාර දුන්නේ ඊයේ දිනයේදීයි.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ගේ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිතුමා කළ නියෝගයට අනුව යි.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයන්ට වත්මන් ආණ්ඩුවෙන් කිසිදු සමාවක් නොමැති බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය පවසනවා. ඊයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියේ මරණීය දණ්ඩනය යලි ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය පිලිබදව අදහස් දක්වමින්

තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරනීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තම අත්සන යොදන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 11 වනදා ප‍්‍රකාශ කලා. ඒ රට තුල මත්ද්‍රව්‍ය පාලනය සදහා මරණ දඩුවම ගෙන ආ යුතු බවට කැබිනට් මණ්ඩලය පසුගිය 10 වනදා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කල ඒකමතික යෝජනාවක් සැලකිල්ලට ගනිමින්.


News Articles
Latest Videos
Most Popular Post