News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වි මාසයක් තුළ ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක්

847 Views


ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වි මාසයක් තුළ ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක්

2019-2020 වසරේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වි මාසයක් වැනි කෙටි කාලයක් තුල ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති බි.ඩබ්ලිව්.හේමන්ත මහතා පැවසුවා.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් බි.ඩබ්ලිව්.හේමන්ත මහතා කියා සිටියේ මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි වන්දනාකරුවන් පොලිතින්උර භාවිතයෙන් වැලකි සිටින බවත්, වන්දනාකරුවන් විසින් ශ්‍රි පාද වන්දනාවේ රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් ආපසු නල්ලතන්නිය දක්වා රැගෙන ඒමටත්, ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් වතුර බෝතල් පරිසරයට මුදා නොහැර ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරිම සදහා නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන් ගමන් ගන්නා මාර්ගයේ සවි කර ඇති කැලි කසල බදුන් වලට බැහැර කර ඇති බවයි.

ශ්‍රි පාද වන්දනාකරුවන් එසේ බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් වලට වඩා නල්ලතන්නිය නගරයේ සංචාරක හෝටල් වලින් සහ ආපන ශාලා වල ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නිය නගරයේ කැලිකසල බදුන් වලට බැහැර කර තිබු බවයි බි.ඩබ්ලිව්.හේමන්ත කියා සිටියා.

මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් ශ්‍රි පාද වන්දනා සමයේදි එක්රැස් කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රතිචක්‍රිකරණය කිරිම සදහා පෞද්ගලික ආයතන වෙත ලබා දෙන බවත්, නල්ලතන්නිය නගරයට සහ ශ්‍රි පාද මාර්ගයේ පිරිසිදු පානිය ජල යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන්නේ නම් ශ්‍රි පාද පුද බිමේ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අවම කල හැකි බවයි හේමන්ත මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවනගෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාව ඉල්ලා සිටින්නේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන්නේ නම් පොලිතින් සහ වතුර බෝතල් රැගෙන එමෙන් වලකින ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post