මෙත් බුදුන්ගේ මැණියන් වන්නට පිරූ පිං ඇති, ලක්දෙරණේ පිනට පහළ වූ පිනැති විහාර මහා දේවිය විසින් කරවා සර්වඥ ධාතූන් වහන්සේලා ගර්භයෙහි තැන්පත් කර, සම්බුදු සසුනට පූජා කළ මහා සෑ වහන්සේ නමක් තමයි නාවාගල මහා සෑය. මේ මහා සෑ වහන්සේ ප්‍රතිසංස්කරණය කර නිමවා කොත් පැළඳවීමේ උතුම් පුණ්‍ය මංගල්‍යය 2018 – 09 – 14-15 දෙදින තුල සිදු කෙරෙනවා.
සැත්තැම්බර් 14 වෙනි දින පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්තුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් හා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් කොත් පැළඳවීම සිදු කරනවා. එදින හවස සෑ වන්දනාව සිදු කර සීලාදී ගුණයන්හි පිහිටා පසු දින පිංකම සඳහා අවශ්‍ය මල් සැරසිලි හා පුජාවන් සඳහා සූදානම් වීම සිදු කරනු ලබනවා.
සැත්තැම්බර් 15 වෙනි දින පහත දැක්වෙන පූජා සහ වත් පිළිවෙත් සිදු කරනවා.
උදෑසන 6.00ට – සම්බුදු රජාණන් වහන්සේලා උදෙසා ක්ෂීර පායාස පූජා පැවැත්වීම,
උදෑසන 9.00ට – පංචසතික මහා සංඝරත්නය වැඩම කරවන පෙරහැර සෑ භූමියට පැමිණීම
උදෑසන 10.00 – පළිඟුමිණි මය චූඩාමාණික්‍යය හා කොත් වහන්සේ නිරාවරණය.
උදෑසන 10.30 – සතර බුදු පියාණන් වහන්සේලා උදෙසා සම්බුද්ධපූජා පැවැත්වීම.
උදෑසන 11.00 – පන්සියයක් මහ සඟන විසේහී සංඝිකව දානය පූජා කිරීම
සවස 04-00 – නාවාගල සෑ වන්දනාව.
මේ මහඟු පිංකම් සංවිධානය කරන්නේ බෝසත් පාරමිතා පදනම හා නාවාගල පුරාණ රාජමහා විහාරස්ථ දායක සභාව විසින්. වැඩිදුර විස්තර ඔබට පහත දුරකතන අංක වලට අමතලා දැනගන්න පුළුවන්.
0718397484 – 0717689851