News Line| Off Air| Games
Generic placeholder image

Feb
23

අද හවස සිදුවෙන කැබිනට් සංශෝධනයේදී සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ මෙහෙමයි. – Exclusive

2671 Views


අද හවස සිදුවෙන කැබිනට් සංශෝධනයේදී සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ මෙහෙමයි. – Exclusive

අලුත් කැබිනට් සංශෝධනය ඊයේ වෙයි කියලා හැමෝම බලාගෙන හිටියා. එ්ත් සංශෝධනය නම් සිද්ධ වුණේ නෑ. අද හවස් වෙද්දී ගොඩක් වෙලාවට කැබිනට් සංශෝධනය වෙන්න පුළුවන් කියලයි විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් අාරංචි වෙන්නේ.

එ් අතරේ අලුත් කැබිනට් සංශෝධනයෙන් අැමතිධූර මාරු වෙන, අලුත් අැමතිකම් ලැබෙන අය ගැන අපිට අාරංචි වුණා. ප්‍රධාන අමාත්‍යංශ දෙකක් මාරු කර ගන්න හදනවා කියලා අාරංචි වුණා. එ් ලක්මන් කිරිඅැල්ල සහ කබීර් හෂිම් අැමතිවරු අතර. ලක්ෂ්මන් මහතාට හිමිව තිබූ මහා මාර්ග අමාත්‍යංශය සහ කබීර් හෂීම් මහතාට අයිති රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශ තමයි මාරු කර ගන්නේ.

නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය කලින් බාර වෙලා තිබ්බේ සාගල රත්නායක අැමතිතුමාට. හැබැයි පහුගිය දවසක එතුමා එ් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වුණා. එ් නිසා අලුත් කැබිනට් සංශෝධනයේදී නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්න සූදානමක් තිවෙනවා.

එ් වගේම තවත් අලුත් අැමතිධූර 5 ක් පිරිනමන්න යනවා. ඉන් 4 ක්ම ලැබෙන්නේ එජාපයට. හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, සුජීව සේමසිංහ සහ රවීන්ද්‍ර සමරවීර මන්ත්‍රීවරුන්ට මේ අැමතිධූර ලැබෙන්න නියමිතයි. ශ්‍රීලනිපයට ලැබෙන අැමතිධූරය කාට දෙනවද කියලා තාම වාර්තා වෙලා නෑ. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට විදේශ රැකියා අමාත්‍යංශයත් ලබා දෙන්න නියමිතයි.

ප්‍රභල අැමතිවරු 3 දෙනෙක්ගේ අැමතිධූර වෙනස් කරන්න එපා කියලා අගමැතිතුමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. එ් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න අැමතිවරුන්ගේ අමාත්‍යංශ.

කෘෂිකර්ම අමාත්‍යංශය අයිති වෙලා තියෙන්නේ දුමින්ද රත්නායක අැමතිතුමාට. හැබැයි ඔහුගෙන් එ් අමාත්‍යංශය ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා. දුමින්ද අැමතිතුමාට අපදා කළමණාකරණ අමාත්‍යංශය ලබා දෙන්න නියමිතයි. දැන් අපදා කළමණාකරණ අැමති විදියට කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා මහකාට කෘෂිකර්ම අමාත්‍යංශය ලබා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post