News Line| Off Air| Games
Generic placeholder image

Jan
13

Explore Feed නිසා ගහෙන් වැටුන Facebook Page නැත්තටම නැති කරන අලුත් Update එකක් ළඟදීම.

420 Views


Explore Feed නිසා ගහෙන් වැටුන Facebook Page නැත්තටම නැති කරන අලුත් Update එකක් ළඟදීම.

Facebook කියන්නෙ සමහරුන්ගෙ ජීවිතේ. උදේ නැගිට්ට වෙලේ ඉදන් කන්නෙ, බොන්නෙ, නිදා ගන්නෙ, සේරම කරන්නෙ Facebook එකේ.

Facebook එකත් කාලෙන් කාලෙට එක එක වෙනස්කම් කරනවා. Explore Feed කියන්නේ එ් වගේ Update එකක්. Explore Feed නිසා හැම Page එකකටම වගේ පහර වැදුණා. Facebook Page නැත්තටම නැති වෙන තවත් Update එකක් ගේනවා කියලා සකර්බර්ග් කියනවා.

සකර්බර්ග් කියන්නේ ව්‍යාපාර, සන්නාම නාම, මාධ්‍ය අායතන එකතු කරන Post නිසා පවුලේ හා මිතුරන්ගේ Post යට යනවා කියලා. එ් නිසා එ් Post වලට ප්‍රමුඛතාවක් දෙනවා කියලා ඔහු කියනවා.

Facebook Page වලට තමත් සම්බාධක පනවන්න සකර්බර්ල් හිතාගෙන ඉන්නවා. මේ අලුත්ම Update එක ඉදිරි සති කිහිපයේදී එනවා කියලත් ඔහු කිව්වා.

පේන විදියට නම් Facebook Page කරන අයට යන එන මං නැති වෙන්නයි යන්නේ. හැබැයි ඉතිං Facebook එකෙන් වැඩියෙන්ම විනෝද වෙන ලංකාවේ අය Facebook Page ඉදීවිද කියන එක නම් ප්‍රශ්නයක්.


News Articles
Latest Videos
Most Popular Post