News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

Port City යට අලුත් නමක් සොයයි. ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂයක්.

742 Views


Port City යට අලුත් නමක් සොයයි. ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂයක්.

Port City කියන්නේ ලංකාවේ ඉදිවෙන නවීන අති සුපිරි නගරයක්. හෙක්ටයාර 269 ක සුවිශාල භූමියක් මුහුද ගොඩ කරලා තමයි වරාය නගරය හදන්නේ. සුපිරි මහල් නිවාස, හෝටල්, විනෝද උද්‍යාන, ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍ර වගේ නවීන ලෝකයේ සුපිරි පහසුකම් වලින් මේ නගරය සමන්විතයි.

Port City යට අලුත් නමක් දාන්න හදනවා. මේ නම යෝජනා කිරීමේ අවස්තාව ඔබට දීලා තියෙනවා. ඒ වගේම ඔබ යෝජනා කරපු නම තේරුනොත් රුපියල් ලක්ෂයක තෑග්ගක් ලැබෙනවා. ඔබ යෝජනා කරන නම උපරිම වචන 3 කින් සමන්විත වෙන්න ඕන. ඒ වගේම සිංහල ඉංග්‍රීසි භාෂා දෙකේම සංයෝජනයක් වෙන්නත් ඕන.

අප්‍රේල් 02 දා වෙනකන් ඔබට කැමති තරම් නම් යෝජනා කරලා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට එවන්න පුළුවන්. කොහොම වුනත් එක්කෙනෙක්ට විතරයි ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේද ලංකාවේ බිහිවෙන සුපිරිම නගරයට නම තියන්න අවස්තාව ලැබෙනවා කියන එක.


News Articles
Latest Videos
Most Popular Post