News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

1748 Views


ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නා.

පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රිතයාත්මක ඇඳිරි නීතිය හෙට (27) සිකුරාදා උදේ 6.00 ට ලිහිල් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

මෙම දිස්ත්‍රික්කවල එසේ යළි පැනවූ ඇඳිරි නීතිය මාර්තු 30 සඳුදා 6.00ට ඉවත්කොට එදිනම දහවල් 2.00ට නැවත ක්‍රියාත්මක කෙරෙනු ඇති.

අද (26) උදේ 6.00ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30, සඳුදා උදේ 6.00ට ලිහිල් කොට එදිනම දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක වෙන බවද දැනුම් දී තිබෙනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර දව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇති බව දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post