News Line| Off Air| Games
Generic placeholder image

Feb
20

ශී‍්‍ර ලංකා කොදෙව් කි‍්‍රකට් සටනේ නව වාර්තාව

1807 Views


ශී‍්‍ර ලංකා කොදෙව් කි‍්‍රකට් සටනේ නව වාර්තාව

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මෙරට සංචාරයක නිරත වන්නේ මාස 15 කට පසුවයි.

අවසන් වරට කොදෙව් කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරත වුයේ 2015 වසරේ දී යි.

ටෙස්ට් තරගාවලිය තරග 2 කට බිංදුවක් ලෙසත් එක්දින තරගාවලිය තරග 03 ට බිංදුවක් ලෙසත් ශි‍්‍ර ලංකා කණ්ඩායම ජය වර්ථා කළ අතර විස්සයි 20 තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනා.

මෙවර කොදෙව් කණ්ඩායමේ නායකත්වය දරන්නේ සුපිරි තුන් ඉරියව් කි‍්‍රඩක කිරන් පොලාර්ඞ්. අත්දැකීම් බහුල වමත් පිතිකරු ඩැරන් බ‍්‍රාවෝ තුන් ඉරියව් කි‍්‍රඩක රොව්මන් පවෙල් හා දග පන්දු යවන කි‍්‍රඩක ෆේබියන් ඇලන් ඇතුළු කි‍්‍රඩකයින් 15 දෙනෙකු කොදෙව් සංචිතයට නම් කර තිබෙනවා.

කොදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාර්ඞ්

එම සංචිතය – ෆෙබියන් ඇලන්, සුනිල් ඇම්බි‍්‍රස්, ඩැරන් බ‍්‍රාවෝ, රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොට‍්‍රලේ, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප් , අල්සාරි ජෝශප්, බ‍්‍රැන්ඩන් කිං, කීමෝ පෝල්, කීරන් පොලාර්ඞ් , නිකොලස් පූරන්, රොව්මන් පවෙල්, රොමාරියෝ ෂෙපර්ඞ්, හේඩන් වොල්ෂ් කනිෂ් .

කණ්ඩායමේ පුහුණුකාරිත්වය දරන්නේ ෆිල් සිමන්ස්.

ශි‍්‍ර ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවන අතර මාස 6 කට පසු නිරෝෂන් දික්වැල්ල යළි කණ්ඩායමට කැදවා තිබෙනවා.

ශි‍්‍ර ලංකා සංචිතය – අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් ජනිත්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප්, ලහිරු කුමාර,ශෙහාන් ජයසුරිය

අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශේණිගත කිරීම් වල ශි‍්‍ර ලංකාව 8 වන ස්ථානයේ පසුවන අතර කොදෙව් කණ්ඩායමට හිමි වී ඇත්තේ 9 වන ස්ථානයයී.

අන්තර්ජාතික නවතම එක්දින ශේණිගත කිරීම්

ප‍්‍රසාද ලකුණු

England124
India118
New Zealand116
South Africa111
Australia110
Pakistan99
Bangladesh85
Sri Lanka81
West Indies81
Afghanistan57

එක්දින තරගාවලියට තරග 3 ක් ඇතුළත්.

පළමු තරගය එස් එස් සී පිටියේ පැවැත්වෙන අතර එහිදී ජාත්‍යන්තර එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර 3 කට පමණ පසුවයි.

DATE MATCH VENUE REMARKS
22nd February, 2020 01st ODI SSC, Colombo Day Game
26th February, 2020 02nd ODI MRICS, Hambantota Day / Night
01st March, 2020 03rd ODI PKICS, Kandy Day / Night
04th March, 2020 01st T20 PKICS, Kandy Night
06th March, 2020 02nd T20 PKICS, Kandy Night

සිංහල කි‍්‍රඩා සමාජ පිටියේ දී එක් දින ජාත්‍යන්තර තරග 110 ක් පවත්වා තිබෙනවා.

තරග 39 ක් ශී‍්‍ර ලංකා කණ්ඩායම කි‍්‍රඩාකර ඇති අතර ඉන් ශි‍්‍ර ලංකාව ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 23 ක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක‍්‍රිකට් තරග සදහා ප‍්‍රවේශ පත‍්‍ර අළෙවි කිරීම මේ වන විට අරම්භ කර තිබෙනවා.

එස්.එස්.සී. පල්ලකැලේ හම්බන්තොට
300
500 500 500
1500 1500
  2000 2000
2500
3000
4000 4000
5000 5000
6500


News Articles
Latest Videos
Most Popular Post