News Line| Off Air| Games
Generic placeholder image

Jan
11

ලංකාවට Visa ගහන විදිහ අලුත් වෙලා. අලුත්ම ගාස්තුව මෙන්න.

1323 Views


ලංකාවට Visa ගහන විදිහ අලුත් වෙලා. අලුත්ම ගාස්තුව මෙන්න.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දේශීය සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් මේ වෙද්දී රජයෙන් කරගෙන යනවා. මේ ප්‍රතිපත්තියට සමගාමීව දැනට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කරන්න යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, දැනට සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග නිකුත් කරනවා.

දැනට පවතින වීසා වර්ග සහ ඒ සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමටත්, ශ්‍රී ලංකා රුපියල්වලින් අය කරනු ලබන වීසා ගාස්තු ඇමරිකානු ඩොලර්වලින් අය කිරීමටත් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරලා තියෙනවා. ඒ අනුව, පහත තියෙන අංගද වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයට ඇතුළත් කරමින් 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 14වන වගන්තිය හා අදාළ රෙගුලාසි වලට ගැලපෙන විදිහට සංශෝධනය කරන්න අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ යෝජනා:

* ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය යටතේ වන ක්ෂේත්‍රයන්හි ආයෝජිකයින්/සේවකයින්ට අදාළ නේවාසික වීසා නිර්දේශ කිරීමේ බලය ආයෝජන මණ්ඩලය අයත්වන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැවරීම.

* වලංගු වීසා කාලය ඉක්මවා සිටින විදේශිකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරීම.

* විදේශීය ශිෂ්‍යයින් සඳහා සම්පූර්ණ අධ්‍යයන කාල පරිච්ඡේදය සඳහා නේවාසික වීසා ලබා දීම.

* ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000කට වැඩි මුදලක් ප්‍රේෂණය කරනු ලබන විදේශිකයින්ට අවුරුදු 10ක කාල සීමාවක් සඳහා නේවාසික වීසා නිකුත් කිරීම.

* ශ්‍රී ලාංකික පුරවැසියකු හා විවාහ වී සිටින විදේශීය කලත්‍රයා සඳහා වසර 05ක කාලසීමාවක් සඳහා කලත්‍ර වීසා ලබා දීම සහ ඔවුන්ගේ දරුවන්ටද වීසා ලබා දීම.

* සිය ශ්‍රී ලාංකේය කලත්‍රයන් මියගිය විදේශීය කලත්‍රයන් සඳහා මෙන්ම, ශ්‍රී ලංකාව තුළ වසර 10ක කාලයක් අඛණ්ඩව වාසය කරන ලද හෝ වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින විදේශීය කලත්‍රයන් සඳහා රැකියාවක නිරත වීම පිණිස අවුරුදු 02ක කාලසීමාවකට නේවාසික වීසා ලබා දීම.

* ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැති, දැනටමත් විදේශීය රටක පුරවැසිභාවය ලබා ඇති, ශ්‍රී ලාංකිකයන්ව සිටි පුද්ගලයින් හට ස්ථිර නේවාසික වීසාවක් (Permanent Residence Visa) ලබා දීම.


News Articles
Latest Videos
Most Popular Post