News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

අලුත උපන් බිලින්දත් එක්ක නෙල්සන් මැන්ඩෙලා සාම සමුලූවට ආව නවසීලන්ත අගමැතිනිය.

704 Views


අලුත උපන් බිලින්දත් එක්ක නෙල්සන් මැන්ඩෙලා සාම සමුලූවට ආව නවසීලන්ත අගමැතිනිය.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඞ්න් සිය තුන් මස් බිලිදිය ද රැගෙන එක්සත් ජාතීන්ගේ 73 වන සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට ඇවිත් තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා සාම සමුලූව ඇමතීම සදහා ඇය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයට පැමිණ සිටියේ සිය සැමියා සහ බිලිදිය එක්ක.

මූලස්ථානයට ඇතුලූ වීම සදහා නවසීලන්ත අගමැතිනියගේ කුඩා බිලිදිය වෙනුවෙන් විශේෂයෙන් සැකසූ හැදුනුම්පතක් ද නිකුත් කරලා තිබ්බා. ජසින්ජා ආර්ඞ්න්ගේ මෙම කි‍්‍රයාකලාපය එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගී වූ බොහෝ රාජ්‍ය නායකයින්ගේ ඇගයීමට ලක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප‍්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් පවසා ඇත්තේ ලොව රාජ්‍ය නායකයින් අතර කාන්තාවන් සිටින්නේ සියයට 05 ක ප‍්‍රතිශතයක් පමණක් බවයි. ඒ හේතුවෙන් ඔවුන්ගේ සහභාගීත්වය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කර තිබෙනවා.

ධූරයේ සිටියදී දරු උපතක් සිදු කළ දෙවන රාජ්‍ය නායිකාව ජසින්ඩා ආර්ඞ්න්. මීට පෙර 1990 වසරේදී එවකට පාකිස්ථාන අගමැති ධූරයේ කටයුතු කළ බෙනාසීර් බූතෝ ද මව් පදවිය ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post