News Line| Off Air| Games
Generic placeholder image

Sep
21

නියඟය අවසන් කරමින් ලංකාවට තද වැසි. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

1761 Views


නියඟය අවසන් කරමින් ලංකාවට තද වැසි. ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව මෙන්න.

සති කිහිපයක් පුරාවට තිබ්බ නියඟය අවසන් කරමින් මොණරුන්ගේ හඬ තැනින් තැන මතුවෙන්න පටන් අරන් තියෙනවා. ඒ වැසි සාමය ආරම්භ වෙන බව දැනුම් දෙන්න. කාලගුණ විද්‍යා දෙපර්තුමෙන්තුවත් සඳහන් කරන්නේ අද සහ ඉදිරි දින කිහිපයේ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා.

එම දෙපාර්තමේන්තුව සදහන් කලේ මධ්‍යම සබරගමුව හා බස්නාහිර පළාත් වලට වැසි ඇති විය හැකි බවයි. මධ්‍යම සබරගමුව පළාත් හා ගාල්ල මාතර කලූතර දිස්ත‍්‍රික්ක වලට මිලි මීටර 75 ඉක්මවූ වැසි ඇති වෙන්න පුළුවන්.

කාලගුණ චන්ද්‍රිකා දත්ත වලට අනුව අද හවස් කාලයේ දිවයිනට තද වැසි ඇති වෙන්න පුළුවන්. කොහොම වුනත් මේ තත්වය රාත්‍රිය වෙද්දී පහව යන්න ඉඩ තියෙනවා. ඉදිරි දින කිහිපයේදීත් සවස් කාලයේ තද වැසි ඇති වෙන්න පුළුවන් බවයි කාලගුණ චන්ද්‍රිකා දත්ත පෙන්නුම් කරන්නේ.

අද දිවයින වට වායුගෝලයේ ස්වභාවය..


News Articles
Latest Videos
Most Popular Post