පෙම්වතියන් එක්ක රට සවාරි යන එක ලෝකයේ ගොඩක් රටවල මැති ඇමතිවරුන්ගේ පුරුද්දක්. ඒ විදියට අවුරුදු 30 ක් බාල පෙම්වතිය එක්ක ඉරානයේ සංචාරයකට ගිය ධීවර ඇමතිට ධූරය අහිමි වෙලා තියෙනවා.
හැබැයි ලංකාවේ නම් නෙවෙයි. නොර්වේ ධීවර ඇමති පර් සැන්ඞ්බර්ග්ට තමයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. ඔහු ඉරානයේ සංචාරය කරලා 28 හැවිරිදි ඉරාන ජාතික පෙම්වතිය බහ්රේයා ලෙට්නස් එක්ක.
ඇමැතිවරයා ඉරානයට යද්දී, නෝර්වේ රජයෙන් ලබා දුන් ජංගම දුරකතනය අරගෙන ගිහින් තියෙනවා. ඒ නිසා ඉරාන රහස් ඔත්තු සේවා වලට නෝර්වේ රජයේ රහස් ලබා තිබ්බා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා.
මේ නිසා සැන්ඞ්බර්ග්ට නොර්වේ අගමැතිනී සෝල්බර්ග්ගෙන් පමණක් නොව පාලක ප්‍රගතිශීලී පක්ෂයෙන් පවා දෝෂාරෝපණ එල්ල වෙලා තියෙනවා. පිළිගත්ත සැන්ඞ්බර්ග්ට ධූරයෙන් ඉල්ලා අස්වුණා.
සැන්ඞ්බර්ග්ගේ පෙම්වතිය බහ්රේයා ලෙට්නස් හිටපු ඉරාන රූ රැජිනක්. හැබැයි ඉරාන චරපුරුෂයන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට නෝර්වේ බුද්ධි අංශ සැක කරනවා.