News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

එංගලන්තයේ ඔත්තුකරුවෙක් අභ්‍යවකාශයට. – Photo

414 Views


එංගලන්තයේ ඔත්තුකරුවෙක් අභ්‍යවකාශයට. – Photo

පොළවේ ආධිපත්‍ය තහවුරු කර ගත්ත ලෝක බලවතුන් දැන් ඉව අල්ලන්නේ අභ්‍යවකාශයට. ඇමෙරිකාව, රුසියාව සහ චීනය අභ්‍යවකාශ සටනේ ඉදිරියෙන්ම ඉන්නවා. එංගලන්තයත් දැන් මේ වෙලා තියෙනවා.

ඒ සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයට අයත් මුල්ම රේඩාර් චන්ද්‍රිකාව කක්ෂගත කරලා. ඉන්දීය අභ්‍යාවකාශ යානයක ආධාරයෙන් තමයි මේ චන්ද්‍රිකාව කක්ෂගත කරේ. NovaSAR යනුවෙන් තමයි මේ චන්ද්‍රිකාව නම් කරලා තියෙන්නේ.

මේ චන්ද්‍රිකාවට ඕනෑම කාලගුණ තත්ත්වයක් තුළ මෙන්ම දිවා රාත්‍රී වෙනසකින් තොරව පෘථිවිය මතුපිට ඡායාරුප ගැනීමේ හැකියාව තියෙනවා. සැක කටයුතු නාවුක කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා එය උපකාරී කරගැනීම ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා.

තෙල් විසිරියාම්, ගංවතුර සහ වනාන්තර නිරීක්ෂණය, ව්‍යසන ප්‍රතිචාර දැක්වීම් සහ පලදාව තක්සේරු කිරීම වැනි බහු කාර්ය සඳහාත් මේ චන්ද්‍රිකාව යොදා ගන්න සූදානම්.


News Articles
Latest Videos
Most Popular Post