News Line| Off Air| Games
Generic placeholder image

Aug
18

අස්ථි කොටස් සහ වළං භාණ්ඩ එක්ක පැරණි සොහොනක් සොයාගැනෙයි.

431 Views


අස්ථි කොටස් සහ වළං භාණ්ඩ එක්ක පැරණි සොහොනක් සොයාගැනෙයි.

කෙනෙක් මියගියාට පස්සේ ඒ කෙනාගේ මිනිය සමහරු ආදාහනය කරනවා. තවත් සමහරු භූමදානය කරනවා. මේ ක්‍රමය ඈත අතීතයේ ඉඳන්ම ලෝකයේ පැවතගෙන එන ක්‍රමයක්. මේ විදිහට මිහිදන් කරපු, රෝම යුගයට අයත් වසර 2000කට වඩා පැරැණි සොහොන් කිහිපයක් පලස්තීනයේ බටහිර ඉවුරේ හෙබ්‍රෝන් නගරය ආසන්නයෙන් හමු වෙලා තියෙනවා. මාර්ගයක කැණීම් කෙරෙන අවස්ථාවකදී තමයි මේ ඉපැරැණි සොහොන් හමුවෙලා තියෙන්නේ.

මෙම සොහොන ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසට අයත් වෙනවා. මේ කලාපය සැලකෙන්නේ රෝම පාලනයට නතු වූ සමයේදී ඉදි කරපු ඒවා කියලයි. සොහොන් හමුවෙලා තියෙන්නේ දකුණු දිග බටහිර ඉවුරේ ඉද්නා නැමැති ගම්මානයෙන්.කඳුකර ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයේ මාර්ග කටයුතුවලදී මෙම සොයාගැනීම සිදු කරල තියෙනවා.

අස්ථි කොටස්, වළං භාණ්ඩ ආදිය ද සමඟ සොහොන් 32ක් තමයි මේ විදිහට හමු වෙලා තියෙනවා. මෙම සොහොන් මීට පෙර අවස්ථාවකදී නිල වශයෙන් සොයාගෙන තිබූ බවත් ඒ අවස්ථාවේදී එහි තිබුණු දේවල් සොරකමට ලක්වෙලා තියෙනවා. සමහර සොහොන් මීටර 50ක පමණ අවකාශයක විහිදීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post