News Line| Off Air| Games
Generic placeholder image

Nov
9

තෙවරප්පෙරුම මන්ත්‍රීවරයෙකුට පහරදෙයි ?

656 Views


තෙවරප්පෙරුම මන්ත්‍රීවරයෙකුට පහරදෙයි ?

හිටපු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මතුගම යටදොල ප්‍රදේශයේදී තමාට පහර දුන් බව කියමින් අගලවත්ත ප්‍රදේශීය සභා මන්ත්‍රී වින්දික කරුණාසේන මහතා රෝහල් ගත වී අති බව පොලිසිය පවසනවා.

පහරකෑමට ලක්වූ බව කියන මන්ත්‍රීවරයා පාලින්ද නුවර ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ ඊයේ (8) ගාලු මුවදොර පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ රථ පෙළපාළියට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණි වාහනය පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ නවතා තිබෙන අවස්ථාවේ මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා පොලිසියට කරන ලද ප්‍රකාශයේ සඳහන් වෙනවා.

වාහනයෙන් බැස සිටින අවස්ථාවේදී තමන් අසලට පැමිණි පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පරුෂ වචන කියමින් මුහුණ හා ගෙල ප්‍රදේශයට පහරදී තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පැළඳ සිටි සපත්තුවෙන් උදර ප්‍රදේශයට පහරදුන් බව පැමිණිල්ලේ සඳහන් වෙනවා.

තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ පුතා සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු පොලු මුගුරු රැගෙන එම ස්ථානයට පැමිණ පහරදුන් බව බවද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පැවැසීය.


News Articles
Latest Videos
Most Popular Post