News Line| Off Air| Games
Generic placeholder image

May
22

සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සවය පැවැත්වීමට අගමැතිගෙන් උපදෙස්

901 Views


සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සවය පැවැත්වීමට අගමැතිගෙන් උපදෙස්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත් වීමට නියමතව තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන ලෙස මෙවර පොසොන් පොහොය දින සිල් සමාදම් වීම පැවැත් වීමට නියමිතයි.

පොසොන් උත්සවය පැවැත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මෙම තීරණයන්ට ගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවා.

“ආරෝග්‍යා පරමා ලාභා“ යන තේමාවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමට සුදුසු බවද මෙහිදී අගමැතිවරයා විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව මිහින්තලා පුදබිමේ පැවැත් වෙන රාජ්‍ය පොසොන් උත්සවය අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම යන විහාරස්ථානවල පැවැත් වෙන පොසොන් පින්කම් ඇතුළු රට පුරා පැවැත් වෙන පොසොන් පිංකම් මාධ්‍ය දායකත්වය මත අඩු පිරිසකගේ දායකත්වයෙන් පැවැත් වීමට කටයුතු යොදා ඇති බව සදහන්.

වයස්ගත පිරිස් හා යම් යම් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් සීල ව්‍යාපාර සඳහා සහභාගී කර ගැනීමෙන් වළකින ලෙසත් මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කළා.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබා ගනිමින් පන්සල් අවට සීමිත පිරිසකගේ සභාගීත්වයෙන් සීල ව්‍යාපාර පැවැත්වීමට හැකි වෙනු ඇති.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට ද තීරණය කර තිබෙනවා.

පෙරහැර පින්කම් අත්‍යාවශ්‍ය අංශ පමණක් සහභාගී කර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම කෙරෙහි ද සෞඛ්‍ය අංශවල අවධානය යොමුවුණා.

අවදානම් තත්ත්වය හේතුවෙන් මේ අවස්ථාවේ කිසියම් පාලනයක් අවශ්‍ය බවද ජනතාව එක්රැස් නොකර පොසොන් පෙරහැර සිදු කිරීමටද මෙහිදී අගමැතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post