News Line| Off Air| Games
Generic placeholder image

Jan
14

තෛපොංගල් දිනය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායක සුබ පැතුම් එක් කරයි

479 Views


තෛපොංගල් දිනය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායක සුබ පැතුම් එක් කරයි

හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදයි.

“අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත ලෙස දැක්වෙන අතර කෘෂිකර්මාන්තයෙන් ලබා ගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදු කෙරෙනවා.

මේ අතර ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වු නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරවීමෙන් තමන්ටත් තම පවුලටත් රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා වේවා යන්න තෛපොංගල් උත්සවය සමරන දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදාකිරීම තමාගේත්, රජයේත් ඒකායන ප්‍රාර්ථනාව බවයි.

කළ ගුණ සැළකීම ශ්‍රී ලාංකේය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයක් බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

තෛපොංගල් උත්සවය ජාතික සංස්කෘතියේ කොටසක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා නිකුත් කළ තෛපොලංගල් පණිවිඩයේ දැක්වෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ, ස්වභාවධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානූෂිය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබා දෙන බවයි.

ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකාට වෙනස් වුව ද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, අභියෝගාත්මක කාල වකවානුවක වුව ද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැප වී සිටින බවයි.

මේ අතර තෛපොංගල් දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් එක්කර තිබුණා.

පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, අස්වැන්න නෙළීමේ උත්සවය යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බවයි.

මහජනයා අතර සුහදත්වය මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය උදාකර ගත හැකි උග්තුංග අවස්ථාවක් ලෙස ද තෛපොංගල් උත්සවය හඳුනාගත හැකි බව සජිත් ප්‍රේමදාස මහතා සිය සුබ පැතුම් පණිවිඩය මගින් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post