News Line| Off Air| Games
Generic placeholder image

Jun
19

හැමෝම ආදරේ කරපු 62 හැවිරිදි “ශ්‍රේෂ්ඨ වයෝවෘද්ධ නෝනා” මියයයි. (Photos)

602 Views


හැමෝම ආදරේ කරපු 62 හැවිරිදි “ශ්‍රේෂ්ඨ වයෝවෘද්ධ නෝනා” මියයයි. (Photos)

සමහරුන්ට අපි ආදරේ වැඩිකමට විදිහේ දානවා. මේ විදිහට කවුරුත් ආදරේට “ශ්‍රේෂ්ඨ වයෝවෘද්ධ නෝනා” කියල අනුවර්ත නෙමෙන් හඳුන්වපු කෙනෙක් මිය ගිය පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. ආදරේට “ශ්‍රේෂ්ඨ වයෝවෘද්ධ නෝනා” හඳුන්වන ලොව වයස්ගතම සුමාත්‍රා ඔරංඋටං සත්වයා වන “පෝන්” තමයි ඔස්ට්‍රේලියානු සත්වෝද්‍යානයකදී මියගිහින් තියෙන්නේ.

62 හැවිරිදි පෝන් තම වයසත් එක්ක ඇති වූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි සත්වෝද්‍යාන බලධාරීන කියන්නේ කියන්නේ. වර්ෂ 1968 ඉඳන් පර්ත් සත්වෝද්‍යානයේ ජීවත් වන පෝන්, තම වරිගයේ වයස්ගතම සත්වයා ලෙස 2016 වසරේදී ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුලත් වෙලා තියෙනවා. අතිශය දුර්ලභ වඳවී යාමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් ලෙසයි මොවුන් සැළකෙන්නේ.

සුමාත්‍රා ඔරංඋටං සත්වයන් වනාන්තර තුළදී වයස අවුරුදු 50 ඉක්මවන්නේ කලාතුරකින්. වර්ෂ 1956 දී ඉන්දුනිසියාවේ, සුමාත්‍රා දූපත් වනාන්තරයක උපත ලබා ඇති පෝන්, දරුවන් 11 දෙනෙකුගේ මවක් වන අතර, උගෙන් පැවත එන දරු මුණුපුරන් ප්‍රමාණය 54ක් වෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post