News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

“එයාට තරහා ගියාම මට හිනා යනවා.” ප්‍රදීප් රංගන ගැන බිරිඳ කියන කතාව.

1220 Views


“එයාට තරහා ගියාම මට හිනා යනවා.” ප්‍රදීප් රංගන ගැන බිරිඳ කියන කතාව.

ලොවෙන් එකෙන් එක දෙයකට වෙයි සමත් කියලා කියමනක් තියෙනවා නේ. හැබැයි ඒ කියමන බොරුවක් කරපු කෙනෙක් තමයි ප්‍රදීප් රංගන. වෛද්‍යවරයෙක් වුන ප්‍රදීප් දක්ෂ ගායකයෙක්. ප්‍රදීප් පෞද්ගලික ජීවිතයේදී මොනවගේද කියාලා ඔහුගේ බිරිඳ චතුරිකා ප්‍රසාදිනී සති අන්ත පුවත්පතකට කියලා තිබ්බා.

මේ තියෙන්නේ ඒ සටහන.

පෙම්වතා කාලේ ඔහු?
හරිම අහිංසක, අවංක ඒ වගේම හිත හොඳ කෙනෙක්.

ප්‍රදීප් සමාජයේ කැපීපෙනෙන කෙනෙක් වීම ප්‍රදීප්ගෙයි චතුරිකාගෙයි සම්බන්ධයට බලපෑවෙම නැද්ද?
ප්‍රශ්න නම් මුකුත් ආවේ නෑ. කාර්යබහුලත්වය තමයි වැඩි වුණේ. ආදරේ වෙනසක් වුණේ නෑ. ආදරේ වැඩි වුණා.

සැමියා විදියට?
ඒ හොඳ ගතිගුණ එහෙමම තියෙනවා වගේම ඒවා තව තව වැඩි වුණා. විවාහයෙන් පස්සේ එයාගේ නොදැක්ක ගති ගුණ දැක්කා.

ගෙදරදී කොයි වගේ චරිතයක්ද?
ඇත්තටම හොඳ සැමියෙක්. මං ගැන හොයලා බලනවා. එයා කාර්ය බහුලයි. වෛද්‍ය වෘත්තීය සහ ගායන වෘත්තීය කියන දෙකම සමබරව කරගෙන යනවා. ඒ වගේම මවුපියෝ, නෑදෑයෝ ගැන හොයලා බලනවා. නිතරම සතුටින් ඉන්න කැමැතියි. සාර්ථක ස්වාමිපුරුෂයෙක්.

ගෙදර වැඩවලට දෙන සහයෝගය?
මම ප්‍රදීප්ගෙන් ගෙදර වැඩවලට සහයෝගය බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒකෙන් නිදහස් කරලා තියෙන්නේ. මොකද හොඳ නිර්මාණයක් එළියට එන්න නම් නිදහස අවශ්‍යයි. මම තමයි පවුල ගැන බලන්නේ.

ප්‍රදීප් නියෝජනය කරන වෛද්‍යවරයා සහ ගායකයා කියන භූමිකා දෙක තුළම ඔහු සාර්ථකයිද?
අනිවාර්යයෙන්ම සාර්ථකයි. මොකද ඒ දෙක වෙනස් වෘත්තීන් දෙකක්. ඒ භූමිකා දෙක තුළම ඉහළින්ම සාර්ථක වෙලා ඉන්නවා. මම දැකපු එවැනි පළමු චරිතය තමයි ප්‍රදීප්. මොකද මම ඒක නිතරම දකිනවා. ප්‍රශ්න එනවා වෘත්තීන් දෙක තුළම. හැබැයි ඒ දේවල් හොඳ විදියට විසඳගන්නවා.

ප්‍රදීප් ගායනා කරලා තියෙන ගීතවලින් කැමැතිම ගීතය?
අපි විවාහ වෙන්න කලින් සින්දුවක් හැදුවා. ඒ “ආදරේ ඔබෙන්”. ඒ ගීතයට තමයි මම ගොඩක්ම කැමැති.

ප්‍රදීප්ට නැතිවම බැරි අය?
මවුපියෝ, සහෝදරයෝ, ඒ වගේම මමත් ඒ ගොඩේ ඇති කියලා හිතනවා. පවුලේ අයට පොඩි හරි දෙයක් වුණොත් එයාට ගොඩක් දැනෙනවා.

වැඩි වටිනාකමක් දෙන අය?
පවුලේ අයට තමයි වැඩි වටිනාමක් දෙන්නේ.

ගායනය ඇරෙන්න වෙන කැමැති දේවල්?
බැඩ්මින්ටන්, ක්‍රිකට්, කැරම් ක්‍රීඩා කරන්න ගොඩක් කැමැතියි. තව පියානෝ වාදනය කරන්නත් කැමැතියි.

ඔහු වෙන අයගේ කැමැති ගති ගුණ?
තේරුම් ගැනීමෙන් සුහදව වැඩ කරන අයට තමයි වැඩිපුරම කැමති.

ඔබ ඔහුගේ අකැමැති ගතිගුණ?
ප්‍රදීප්ට වැඩ රාජකාරි වැඩියිනේ. ඉතින් මම මොකක් හරි ඇහුවාම විනාඩි පහක් හයක් විතර ගියාට පස්සේ තමයි උත්තර දෙන්නේ. මම ඒකට තමයි කැමැති නැත්තේ.

නිවාඩුවක් ලැබුණාම යන්න කැමැති තැන්?
නෑදෑයෝ එක්ක එකතු වෙනවා. නිදහස් තැන්වලට යන්න තමයි කැමති. සෙල්ලම් කරන්න කැමැතියි. ගෙදර ජිම් එකේ වර්ක් අවුට් කරනවා.

ප්‍රදීප්ට තරහ ගියාම?
ප්‍රදීප්ට තරහ යන්නෙම නෑ. එයාට තරහා ගියාම මට හිනා යනවා. මොකද ඒක හරිම දුර්ලභ අවස්ථාවක්.

සතුටක් දැනුණම?
ප්‍රදීප් ගොඩක් සතුටු වෙන්න ආස කෙනෙක්. හැබැයි ඕනෙම දෙයක් සංවේදීව භාරගන්නවා. හිත ඇතුළෙන් ඒ සතුට විඳිනවා.

අපි නොදන්න ප්‍රදීප්ගේ රහස්?
ප්‍රදීප් අනෙක් අය ගැන හිතනවා. මිනිස්සුන්ට උදවු කරන්න ආසයි. පින් වැඩ කරන්න ආසයි. අහිංසක මිනිස්සු ගැන හරියට වද වෙනවා. ඒ වගේම නිදහසේ ඉන්න කැමැති කෙනෙක්.

උදාරා ඉන්දීවරි ජිනදාස


News Articles
Latest Videos
Most Popular Post