News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

645 Views


සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

මේ දිනවල රටේ පවත්නා කොරෝනා වසංගතය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ හේතුවෙන් විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

තමන් විසින් සිදුකරනු ලබන නිවේදන හෝ ප්‍රකාශ සිය නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය හරහා පමණක් ප්‍රකාශයට පත් කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සටහනක් ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් පිටුවේ මෙලෙස පළ කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post