News Line| Off Air| Games
Generic placeholder image

Oct
27

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමෙන් නොතිසි නිකුත් කළේ කාට ද?

2570 Views


දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමෙන් නොතිසි නිකුත් කළේ කාට ද?

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ, ඔවුන්ට අද එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඊයේ නිකුත් කළ නොතීසියකට අනුවයි.

එලෙස ඔවුන්ට නොතීසි නිකුත් කෙරුණේ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට කළ කරුණු දැක්වීමකට අදාළවයි.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපොළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේ දී තමාව අත්අඩංගුවට ගෙන දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබුණා.

ඔහු සඳහන් කළේ 2016 ජනවාරි මාසයේදී තමාව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි.

එය හුදෙක් විමර්ශන නිලධාරීන් විසින් කළ මාධ්‍ය සංදර්ශනයක් බවයි යෝෂිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post