News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

විලියම් කුමරු හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණ කරයි

423 Views


විලියම් කුමරු හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණ කරයි

කුවේට්හි ක්‍රියාත්මක ද්වීපාර්ශ්වීය හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණය කිරීමට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු එක් වී තිබෙනවා.

ඒ සිය කුවේට් නිල සංචාරයට සමගාමීවයි.

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු මේ දිනවල කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරතවෙමින් සිටිනවා.

කුමරු එහිදී කුවේට්හි ද්විපාර්ශ්වීය හමුදා අභ්‍යාසයක නිරත බ්‍රිතාන්‍ය සෙබලුන් හා කුවේට් සෙබලුන් හමුවීමට කටයුතු කළා.

දෙරට අතර ක්‍රියාත්මක මෙම හමුදා අභ්‍යාසය නම්කර ඇත්තේ එක්සසයිස් ඩෙසර්ට් වොරියර් ‘Exercise Desert Warrior’ ලෙසයි.

රාජ්‍යයන් අතර ආරක්ෂාව හා හමුදාමය දැනුම සහ පරිපූර්ණත්වය බෙදා හදාගැනීම මෙම අභ්‍යාසයන්හි අපේක්ෂාව වනවා.

සංචාරය අතරතුරු විලියම් කුමරු හා කුවේට්හි එමීර් ෂෙයික් සබා අල් අහ්මඩ් අල් ජබේර් අල් සබා අතර හමුවක්ද සිදුව තිබෙනවා.

ඉන් පසුව කුමරු උද්‍යාන සේවකයන් සහ ස්වේච්ඡා සේවකයන් සමගින් එක්ව වෙරළ පිරිසිදු කිරීමේ ඉසව්වක් සදහා එක්ව කාගේත් අවධානය දිනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බ්‍රිතාන්‍යයේ කින්සින්ග්ටන් මන්දිරය නිකුත් කළ නිල වාර්තාවේ සදහන් වුණේ බ්‍රිතාන්‍ය හා කුවේට් රාජ්‍යය අතර මිත්‍රත්ව ගිවිසුම අත්සන් කර 120 වැනි සංවත්සරය සැමරීම සදහා විලියම් කුමරු එහි සංචාරය කළ බවයි.

කුවේට් සංචාරය අවසන් කරමින් විලියම් කුමරු ඕමානය බලා පිටත්ව යාමට ද නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post