News Line| Off Air| Games
Generic placeholder image

May
28

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

618 Views


දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 – 150 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලට සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post