News Line| Off Air| Games
Generic placeholder image

Jan
18

සරම නිසා රජිව් සෙබෙස්තියන් අත්අඩංගුවට.

623 Views


සරම නිසා රජිව් සෙබෙස්තියන් අත්අඩංගුවට.

රජිව් සෙබෙස්තියන් කියන්නේ 90 දෂකයේ ඉතා ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ වේග රිද්ම ගීතවලට අදත් ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි සරමක් නිසා රජිව්ට ලොකු තොප්පියක් වැටිලා.

රජිව් සෙබෙස්තියන් වහාම අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා තලංගම පොලීසියට නියෝග කරලා තියෙනවා. එ් සංගීත ප්‍රසංගයක් පවත්වන්න මුදල් අරංග ප්‍රසංගය නොකරට.

වෙන්නපුවේ හෝටලයක “සරම” කියලා ප්‍රසංගයක් පවත්වන්න ඉදලා තියෙනවා. වැඩේ බාර අරන් තියෙන්නේ රජිව්. එ්කට ඔහු ලක්ෂ 3 ක අත්තිකාරමකුත් අරන්. ප්‍රවීන ගායන ශිල්පීන් වන සුනිල් පෙරේරා, අැනස්ලි මාලේවන සහ ඩෙස්මන් සිල්වා මේ ප්‍රසංගයට සහභාගී කරවනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා.

එ් වුනත් අන්තිමට සංවිධායකයින්ට පොල්ල තියලා තියෙනවා. මේ මුදල ගෙවන්න රජිව් පැමිණිලිකරුට චෙක් එකක් දීලා තියෙනවා. හැබැයි එ්කත් අඟරු වෙලා. සාපරාධී විශ්වාසය කඩ කිරීම, මුදල් වංචා කිරීම සහ සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය කියන චෝදනා කිහිපයක් යටතේම අධිකරණයට පැමිණිලි කරලා තියෙනවා.

කොහොම වුනත් වැඩක් බාර ගත්තා නම් එ් වැඩේ හරියට ඉවර කරන්න ඕන. නැත්තනම් වැඩේ කරන්න බෑ කියලා බාර නොගෙන ඉන්න තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post