ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊයේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ වැඩසටහනකදී අදහස් දක්වමිනුයි රනිල් වික්‍රමසිංහ ඒ බව සඳහන් කලේ.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී කතා කළේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ගැන නෙමෙයි රනිල් වික්‍රමසිංහ ගැනයි. මම දේශපාලන කරුමයක් කිව්වා. මට අවලාද නැගුවා. මට චෝදනා කළා. මට නිග්‍රහ කළා. මට අපහාස කළා. මට දොස් කිව්වා. මට බැන්නා. එහෙත් ඒ සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා.මම මගේ සංස්කෘතිය අනුව පිළිතුරක් දෙනවා. මට අනෙක් අයගේ සංස්කෘතිය ගැන කියන්න බැහැ. සංයුක්ත නිකායේ අක්කෝස සූත්‍රයේ ගාථාවක් උපුටා දක්වමින් මං මගේ සංස්කෘතියෙන් පිළිතුරු දෙනවා. බුදුන් වහන්සේ රජගහ නුවර වෙසෙන සමයේදී අක්කෝස භාරද්වාජ බමුණා ගිහින් උන්වහන්සේ මුණ ගැසුණා. අක්කෝස භාරද්වාජ බමුණා බුදුන් රජාණන් වහන්සේට බැන්නා, නිග්‍රහ කළා, අපහාස කළා, අවලාද නැගුවා, දොස් කිව්වා. ඒ සියල්ලට සවන් දුන් බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා.
බමුණ, ඔබට මිතුරන්, නෑදයන්, දන්න පිරිස් හිතවන් ඉන්නවද ? ඔව් මට ඉන්නවා යැයි බමුණා පිළිතුරු දුන්නා. ඔවුන් ඔබේ නිවසට පැමිණෙනවාද ? ඔව් පැමිණෙනවා යැයි බමුණා කියා සිටියා. ඔබ ඔවුන්ට ආහාර දෙනවාද ? සංග්‍රහ කරනව ද ? ඔව් මම ඔවුන්ට සංග්‍රහ කරනවා. කවුරුන් හෝ එම ආහාර අනුභව කරන්නේ නැතිනම්, සංග්‍රහ පිළිගන්නේ නැතිනම් ඒවා කාට ද අයිති වන්නේ ? ඒවා අයිති වන්නේ මට යැයි බමුණා පිළිතුරු දුන්නා.ඒ අනුව ඔබගේ බැණ වැදීම්, අවලාද අපහාස හා නිග්‍රහ මා පිළිගන්නේ නැතැයි බුදුන් වහන්සේ එහිදි කියා සිටියා.ඒ වගේම මට අවලාද නැගුවා. මම අවලාද නැගුවේ නැහැ. මට දොස් කිව්වා. මං දොස් කිව්වේ නැහැ. මට නිග්‍රහ කළා. මං නිග්‍රහ කළේ නැහැ. මට නින්දා කළා. මම නින්දා කළේ නෑ . මට කරපු සියල්ල බමුණ ඔබට බාරයි”.