News Line| Off Air| Games
Generic placeholder image

May
28

සහල් අලෙවි කිරීමේ උපරිම මිල සංශෝධනය වෙයි

747 Views


සහල් අලෙවි කිරීමේ උපරිම මිල සංශෝධනය වෙයි

සහල් වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද යළි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, කීරි සම්බා සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල රුපියල් 120කි. සම්බා සඳහා සංශෝධිත උපරිම මිල රුපියල් 98 ක් වන අතර, නාඩු කිලෝ ග්‍රෑමයක් සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල රුපියල් 96 කි.

කොරෝනා වසංගතයත් සමග රටේ මතුවු තත්ත්වය හේතුවෙන්, සහල් සඳහා වූ උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදී වෙනස් විය.

පළමුව උපරිම සිල්ලර මිල වෙනස සිදුවූයේ, අප්‍රේල් 10 වැනිදායි. එදින කීරි සම්බා සඳහා පළමුවරට රුපියල් 125 ක උපරිම සිල්ලර මිලක් ද, නියම කෙරිණ.

සම්බා සහ නාඩු සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 90 ක් ද, කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 85 ක් ලෙස ද අප්‍රේල් 10 වනදා නියම කෙරිණ.පසුව ඊයේ එම මිල ගණන් සංශෝධනය කළේ ය.

ඒ අනුව, ඊයේ කීරි සම්බා සඳහා රුපියල් 125 ක, සම්බා සඳහා රුපියල් 96 ක හා නාඩු සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කළේ ය.

අප්‍රේල් 10 වැනිදායින් පසු තුන්වන වරට අද සංශෝධනය කෙරුණේ, ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු එම මිල ගණන් ය.


News Articles
Latest Videos
Most Popular Post