News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

කොරෝනා වෛරසය පැතිර යෑමේ අවධානමක් – ආසාදිතයෙක් අමෙරිකාවෙන් හමුවෙයි

896 Views


කොරෝනා වෛරසය පැතිර යෑමේ අවධානමක් –  ආසාදිතයෙක් අමෙරිකාවෙන් හමුවෙයි

චීනයේ පැතිරයන කොරෝනා වෛරසය වන විට බොහෝ දුරට එරට ව්‍යාප්තව පැතිර යෑමේ අවධානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ වන විට මෙම වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර අසාදිත රෝගීන් තුන්සීයක් පමණ හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම මෙම වෛරසය ආසාදිතයෙක් අමෙරිකාවෙන් හමුව තිබෙන අතර ඔහු චීනයේ වූහාන් නගරයේ සිට අමෙරිකාවේ සියැටල් වෙත පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. වෛරසය තවදුරටත් පැතිර යාම පාලනය කිරීම සඳහා ගුවන්තොටුපළ, දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බව සදහන්.

නියුමෝනියා තත්ත්වයක් ඇති කරන මෙම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය විය හැකි බවද මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා වෛරසය රට තුළට ඇතුල්වීම වැළැක්වීම සඳහා විදෙස් සංචාරකයන්ට තාවකාලිකව සිය දේශ සීමාව වසා දමන බව උතුරු කොරියාව අවධාරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අද දිනයේ සලකා බලන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post