News Line| Off Air| Games
Generic placeholder image

Feb
24

“අයියෝ කටකතාවලට නම් මම පොඩ්ඩක්‌වත් බය නෑ. ඒත් ගෑනු ළමයෙක්‌ විදියට නම කැත කරගන්නෙ නැතුව ඉන්න පරිස්‌සම් වෙනවා.” – රිතූ ආකාර්ෂා

563 Views


“අයියෝ කටකතාවලට නම් මම පොඩ්ඩක්‌වත් බය නෑ. ඒත් ගෑනු ළමයෙක්‌ විදියට නම කැත කරගන්නෙ නැතුව ඉන්න පරිස්‌සම් වෙනවා.” – රිතූ ආකාර්ෂා

කාලයක් තිස්සේ පුංචි තිරයේ නිතර දකින්න ලැබුන නිළියක් තමයි රිතූ ආකාර්ෂා කියන්නේ. එත් මෑතකදී නම් ඇයව අපිට දකින්න ලැබෙන්නේ ටෙලි නාට්‍ය කිහිපයක් හරහා විතරයි. ඉතින් එකපාරටම රීතු ඇයි මේ විදිහට කලාතුරකින් දකින්න ලැබෙන්නේ කියල අපි හොයල බැලුවා. මේ තියෙන්නේ ඇය ඒ ගැන සති අන්ත පුවත්පතකට කියපු කතාව…

*කොහොමද රිතූ ජීවිතේ?

වරදක්‌ නෑ. සතුටින් සැහැල්ලුවෙන් බොහොම සරලව ගෙවිල යනව…

* පසුගිය කාලෙ නාලිකා බදු අරගෙන හිටපු නිසාද දැන් පේන්න නැත්තෙ?

ඇත්තටම එහෙම වුණේ මම රඟපාපු ටෙලි නාට්‍ය කීපයක්‌ එකපාර චැනල් කීපයක විකාශය වුණ නිසා. මටත් වෙලාවකට හිතුනා මෙහෙම ගිහින් ප්‍රේක්‍ෂකයන්ට මාව එපාවෙයිද කියලත්. ඒ නිසා මමම හිතල පොඩි බ්‍රේක්‌ එකක්‌ ගත්තා.

* වැඩිපුර කැමති මොනවගේ චරිතවලටද?

විශේෂයක්‌ නෑ. මට ගැලපෙන ඕනම චරිතයක්‌ කරන්න මම කැමතියි. රංගන ශිල්පිනියක්‌ විදියට එකම චරිතෙකට කොටු නොවී එකකට එකක්‌ වෙනස්‌ චරිත ලැබෙනවට මම ගොඩක්‌ කැමතියි.

* චරිතයන් භාරගන්නෙ මොන වගේ කොන්දේසි උඩද?

ඕනම චරිතයක්‌ ලැබුණම අදාළ අධ්‍යක්‍ෂවරයා සමඟත් නිර්මාණයට සම්බන්ධ අනෙක්‌ අයත් එක්‌කත් කතා කරල තීරණ ගන්නට ඇරෙන්න එහෙම ලොකුවට කොන්දේසි දාගන්නෙ නෑ. මොකද මම කවදත් කැමති ජනප්‍රිය නිළියක්‌ වෙන්න නෙවෙයි. චරිතාංග නිළියක්‌ වෙන්න.

* ටෙලි නාට්‍යවලට වැඩි ඉඩක්‌ දෙන්නෙ සිනමාවට ආරාධනා නැති නිසාද?

මෙහෙමයි මම ෆීල්ඩ් එකට ආවෙත් පුංචි තිරය හරහනෙ. ඒ නිසාද දන්නෙ නෑ වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලිනාට්‍යවලට. ඒ නිසා ඒවට වැඩි ඉඩක්‌ වෙන් කරන්න වෙලා තියෙනව. ඉදිරියේදී සිනමාවට ආරාධනා ලැබෙයි කියල හිතනව. එදාට සිනමාව වෙනුවෙන් ඉඩ වෙන් කරන්න මම ලෑස්‌තියි.

* රිතු කියන්නෙ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌?

ඔව්. අනිවාර්යයෙන්ම කලාව කියන්නෙ නිදහස්‌ නිරවුල් මනසකින් නියෑළෙන්න ඕන වෘත්තියක්‌. වෙන වෙන දේවල් පටලව ගත්තොත් මේක හරියට කරන්න බැරි වෙයි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා මේ වෙනකොට මම කලාවට කැපවුණ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌.

* ජනප්‍රියත්වය හිසරදයක්‌ වුණ වෙලාවලුත් ඔය අතරෙ ඇති නේද?

කවදාවත් නෑ. මම මේ තැනට ඇවිත් තියෙන්නෙ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයො නිසා කියන එක මම හොඳටම දන්නව. රංගන ශිල්පිනියක්‌ විදියට මට ආදරය කරන හැමෝටම මමත් ආදරෙයි. ඒ නිසා මට ඒ අයගෙ ආදරය ප්‍රතිචාර කවදාවත් හිසරදයක්‌ වෙලා නෑ.

* නව පරපුරේ කට සැර රංගන ශිල්පිනියක්‌ විදියටත් ඔබ ප්‍රසිද්ධයි…

කටනම් පොඩ්ඩක්‌වත් සැර නැහැ. ඒත් අසාධාරණයට විරුද්ධවනම් ඕනම වෙලාවක මම කතා කරන කෙනෙක්‌. ෆීල්ඩ් එකේ රැඳෙන්න එහෙම නැතිනම් වෙනත් වරප්‍රසාද ලබන්න වැරදි දේ අනුමත කරන කෙනෙක්‌ නෙමෙයි රිතු කියන්නෙ. ඇත්ත සහ හරි දේ කතා කරල කට සැර කෙනෙක්‌ විදියට ප්‍රසිද්ධ වීම ඇත්තටම සතුටක්‌.

* වේදිකාවෙ යමක්‌ කරන්න අදහසක්‌ නැද්ද?

වේදිකාවට මම ගොඩක්‌ ආසයි ආදරෙයි. ඒ වගේම වේදිකාවට මට ආරාධනා ලැබිලත් තියෙනව. ඒ සඳහා කාලය වෙන් කරන්න තියෙන අපහසුව තමයි එකම බාධාව. මොකද කරන දේ හරියට කැපවීමෙන් කරන්න ඕනනෙ. කොහොම වුණත් මේ අවුරුද්දෙ වේදිකාවට ගොඩවෙන්න සැළසුමක්‌ තියෙනවා.

* අද තියෙන වෙබ් අඩවි ගැන රිතූට මොකද හිතෙන්නෙ?

කාගෙ හරි දුකක්‌ වේදනාවක්‌ අසරණකමක්‌ මාකට්‌ කරල මුදල් උපය ගන්නත්, එහෙම නැත්නම් කාටහරි මඩක්‌ ගහල අපහසුවට පත්කරල හිට්‌ වෙන්න හදාගත්තු දෙයක්‌ විතරයි. එහෙම නැතුව මේවයින් කාටවත් හොඳක්‌ වෙනව දකින්නට ලැබෙන්නෙ නැති නිසා මම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ.

* ක්‍ෂේත්‍රයේ දඟකාර චරිතයක්‌ වූ ඔබ කටකතාවලට බයද?

අයියෝ කටකතාවලට නම් මම පොඩ්ඩක්‌වත් බය නෑ. ඒත් ගෑනු ළමයෙක්‌ විදියට නම කැත කරගන්නෙ නැතුව ඉන්න පරිස්‌සම් වෙනවා.

* තියෙන ජනප්‍රියත්වයත් එක්‌ක ලැබෙන ආදර යෝජනා එමටයි කියන්නෙ ඇත්තද?

ජනප්‍රිය වුණ හින්ද නෙමෙයි ගෑනු ළමයෙක්‌ නිසා ටිකක්‌ වැඩිපුර ආදර යෝජනා එනවා ඒක ඉතින් සාමාන්‍ය දෙයක්‌නෙ. ඒත් ඉතින් පිළිගන්න පුළුවන් තරමෙ යෝජනාවක්‌ තාම නම් මේ රිතුට ලැබිල නෑ හොඳේ.


News Articles
Latest Videos
Most Popular Post