News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

රසල් ආනෝල්ඩ්ට ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රහාරයක්.

2485 Views


රසල් ආනෝල්ඩ්ට ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රහාරයක්.

රසල් ආනෝල්ඩ් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ වීරයෙක්. ඒ ක්‍රිකට් විස්තර විචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරන සේවය නිසා. ලංකාවේ ක්‍රිකට් වලට අවමන් කරන විදෙස් විචාරකයින්ට සහ අනිත් රටවල ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට වචන වලින් ගහන්න රසල් හරි දක්ෂයි.

මේ නිසා අනිත් රටවල ක්‍රිකට් ප්‍රේක්ෂකයින් රසල් එක්ක පුදුම තරහක් තියෙන්නේ. විශේෂයෙන්ම ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්. පහුගිය දා ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය සමඟ තිබ්බ තරඟය පරාජය වීම ඉතාම වේදනාකාරි බව රසල් කියනවා.

ඒ වගේම මේ පරාජයත් එක්ක රසල්ගේ twitter ගිණුමට ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. රසල් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හාස්‍යට ලක් කරපු twitter පණිවිඩ උපුටා දක්වමින් තමයි ඉන්දීය ප්‍රේක්ෂකයින් රසල්ට ප්‍රහාර එල්ල කරන්නේ.

මේ තියෙන්නේ ඒ වගේ twitter කිහිපයක්..


News Articles
Latest Videos
Most Popular Post