News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

තම රටේ සමලිංගික විවාහ නීතිගත නොකරන බව රුසියානු ජනපති කියයි

517 Views


තම රටේ සමලිංගික විවාහ නීතිගත නොකරන බව රුසියානු ජනපති කියයි

තමා ජනාධිපති ධුරයේ රැඳී සිටින තුරු රුසියාවේ සමලිංගික විවාහ නීතිගත නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් පවසනවා.

මව, පියා යන සම්ප්‍රදායික නාමයන් වෙනස් කිරීමට තමන් ඉඩ නොතබන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

සමලිංගික විවාහ නීතිගත කිරීම සම්බන්ධයෙන් තම ස්ථාවරය මීටපෙර ද ප්‍රකාශයට පත් කර ඇති බව පෙන්වාදෙන රුසියානු ජනාධිපතිවරයා තමා ධුරයේ කටයුතු කරන තුරු එම ස්ථාවරය කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බවද අවධාරණය කළ බව විදෙස් වාර්තා පැවසුවා.

අවස්ථා 4 කදී රුසියානු ජනාධිපති ධුරයට තේරී පත්ව දශක දෙකකට ආසන්න කාලයක් එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ව්ලැද්මීර් පුටීන්ගේ ධුර කාලය 2024 වසරෙන් අවසන් වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post