එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෙබ වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඊයේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කල බව වාර්තා වුණා. එතුමා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදෙනු ලැබු බවද සදහන්.
ඒ අනුව එතුමාගේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා නම් කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කලේ ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාව වෙත එය අද දිනයේ දැනුම් දෙන බවයි.