News Line| Off Air| Games
Generic placeholder image

Jan
18

ජනපතිගේ මත්පැන් තහනමට එරෙහිව සුරූපී නිලියක් උසාවි යයි.

2699 Views


ජනපතිගේ මත්පැන් තහනමට එරෙහිව සුරූපී නිලියක් උසාවි යයි.

මංගල අැමතිතුමා කාන්තාවන්ටත් බාර් වල වැඩ කරන්න, මත්පැන් මිලදී ගන්න අවසර දුන්නා. හැබැයි මේ වැඩේට ජනාධිපතිතුමාට නම් කේන්ති ගියා. වහාම ගැසට් එක අවලංගු කරන්න කියලා එතුමා නියෝග කරා.

ගැසට් එක අවලංගු කරාම කාන්තාවන්ගේ සම අයිතීන් උල්ලංඝනය වෙනවා කියලා දැන් ගොඩක් අය කියනවා. එ් අතර ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා අැතුළු තරුණියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධීකරණයට ගියා. එ් මංගල අැමතිතුමාගේ ගැසට් දෙක අවලංගු කරන්න ගත්ත තීරණයෙන් තමන්ගේ සම අයිතීන් උල්ලංඝනය වෙලා කියලා පෙත්සමක් ඔවුන් ඉදිරිපත් කළා.

මුදල් අැමතිට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්ට එරෙහිව තමයි මේ පෙත්සම ගොනු කරලා තියෙන්නේ. සමනලී එක්න නිෂාන්ති බණ්ඩාරනායක, එම්.ඩී.ජේ.බී ප්‍රනාන්දු, චන්දිමා රවිනි, දීපාන්ජලී අබේවර්ධන, සබ්රීනා එසුෆුලි, ෂාරන්‍ය සේකරම්, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ සහ විශාකා පෙරේරා යන අයත් මේ පෙත්සමට සම්බන්ධ වෙලා තියෙනවා. අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14 (1) ජී යන වගන්තීන් යටතේ තමයි පෙත්සම ගොනුකරලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post