News Line| Off Air| Games
Generic placeholder image

Oct
14

“මට තවම එහෙම අත්දැකීමක් නෑ. එයාව මුණගැහුණේ පළවෙනි නිර්මාණයේදී.” – බුකියම වශීකර ගත්ත සඳනි දැන් කියන කතාව.

1608 Views


“මට තවම එහෙම අත්දැකීමක් නෑ. එයාව මුණගැහුණේ පළවෙනි නිර්මාණයේදී.” – බුකියම වශීකර ගත්ත සඳනි දැන් කියන කතාව.

සඳනි ප්‍රන්නඩු කියන්නේ ලංකාවේ තරුණියන් වශීකර ගත්ත තරුණියක්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වල සඳනිට තියෙන්නේ විශාල ජනප්‍රියත්වයක්. මේ නිසාම ගොඩක් අය සඳනිගේ තොරතුරු දැන ගන්න කැමතියි. මේ තියෙන්නේ සඳනි සතිඅන්ත පුවත්පතක් සමඟ කරපු සංවාදයක්.

වෙළෙද දැන්වීම් කිහිපයක් හින්දා සඳනි ගැන මිනිස්සු කතාබහවෙනවා නේද?
මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් රැසකට දායකවෙලා තියෙනවා. මම මුලින්ම 2016 අවුරුද්දේ තමයි වෙළෙඳ දැන්වීම්වලට සහභාගිවුනේ. මේ වෙනකොට ඒවාටත් හොඳ ප්‍රතිචාර තියෙනවා.

පසුගිය දවස්වල විදෙස්ගත වුණා කියන්නේ ඇත්තද?
ප්‍රසංග කිහිපයකට සතියක් කොරියාව බලා පිටත්වෙලා හිටියා. කොරියාවේ නගර තුනක ප්‍රසංග තුනක් තිබුණා. ඒ ප්‍රසංග තුනේදීම මට හොද ප්‍රතිචාර තිබුණා. ඒ ප්‍රතිචාර ලැබුණේ හාරකෝටියේ රශ්මි හැටියට.

රඟපෑමට ඒම ගැන මොකද හිතන්නේ ?
රඟපෑමට ඒම අහම්බයක්. හැබැයි ඒ ලැබුණ අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජනයක් ගත්තා. දැනට මම කරලා තියෙන වැඩත් එක්ක ලැබෙන ප්‍රතිචාර එක්කත් ගොඩක් සතුටුයි. රඟපෑමට ඒම නරක නෑ. අපි අපිට ගැලපෙන දේ තෝරාගෙන හරියට කළොත් ප්‍රශ්නයක් නෑ.

අලූත් මුහුණුවලට කැපිලි කෙටිලි තියෙනවා කියන්නේ ඇත්තක්ද?
කැපිලි කෙටිලි තියෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. මටත් ඒවගේ කැපිලි කෙටිලි ඇති. හැබැයි මම ඒවා ගණන් ගන්නේ නෑ. කවුද මාව කපන්නේ කවුද මාව කපන්නේ නැත්තේ කියලා මම හොයලා බලන්නේ නෑ. මම මගේ පාඩුවේ මට ලැබෙන දේ විතරක් කරලා ඉන්නවා.

තවත් කතාවක් තමයි නවක නිළියන්ට අධ්‍යක්‍ෂවරුන්ගෙන් අයුතු යෝජනා එනවා කියන කතාව ?
ඒ ගැන කියන්න මම දන්නේ නෑ. මට තවම ඒ වගේ දේවල් ගැන අත්දැකීමක් ලැබිලා නෑ. එහෙම එනවා නම් පිරිසක් ඉන්නවා මොන දේ කරලා හරි ජනප්‍රිය වෙන්න ඕනෑ කියන මතයේ. ඉතිං මම දන්නේ නෑ එහෙම අයට එවැනි යෝජනා එනවාද කියලා. මට මෙතෙක් වෙනකම් ඒ වගේ කිසිම අත්දැකීමක් ලැබිලා නෑ. අහලත් නෑ. ඉතිං මට ඒ ගැන අදහසක් නෑ.

ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ ?
ක්ෂේත්‍රය හොඳයි. අපි හොඳට ඉන්න තාක්කල්.

රගපෑමේදී සඳනි තෝරාබේරාගෙනද කරන්නේ ?
>ඔව්. මම හැම නිර්මාණයක්ම තෝරාබේරාගෙන කරන්නේ. මොනවැඬේ ලැබුණත් පිටපත බලනවා. හැබැයි පිටපතක් නොලැබුණ අවස්ථාත් තියෙනවා.

පසුගිය දවස්වල සිනමාවට සම්බන්ධ වුණා කියලත් ආරංචියි ?
මම අරුණ ජයවර්ධනගේ 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒක ලබන අවුරුද්දේ බොහෝ දුරට තිරගත වේවි. ඒ චිත්‍රපටයේ මමයි” ගම්‍යා විජේදාස අක්කයි” හේමාල් රණසිංහ සහ බිමල් අයියයි රංගනයෙන් දායක වුණා.

සඳනි මෙතැනට ආවේ ජනප්‍රියත්වය බලාගෙනද?
ජනප්‍රියත්වය බලාගෙන ආවා කියලා කියන්න බෑ. ජනප්‍රිය වෙන්න ඕනෑනම් මෙතැන කරන්න වැඩ ඕනෑතරම් තියෙනවා. ඉතිං මම ඒ කිසිම දෙයක් කරන්නේ නෑ. මට ලැබෙන ගොඩක් වැඩ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම ජනප්‍රියත්වය පස්සේ යනකෙනෙක් නෙමෙයි.

ලැබෙන වැඩ එපා කියන්න හේතුව?
මම කැමැති නැහැ හැම තිස්සේම පේන්න ඉන්න. හැම වෙලාවේම දකිද්දි අපිව එපාවෙනවානේ.

නිතර දකින කුකුළගේ කරමලය සුදුවෙනවා කියලා කතාවක් තියෙනවානේ. ඒක හින්දාද?
ඔව්. අනිවාර්යයෙන්ම. මම පුංචි කාලේ මේවාට සහභාගිවෙන්න කලින් අපිත් අම්මා එක්ක ටීවී නරඹලා තියෙනවා. එතකොට එකම කෙනා හැම තිස්සේම ඉන්නකොට මටත් එපා වෙලා තියෙනවා. එතකොට අපි කියලත් තියෙනවා අපොයි මේ කෙනා හැම එකේම ඉන්නවා කියලා. ඒ විශ්වාසය මත මට දැන් ලැබෙන වැඩවලින් භාගෙට භාගයක් ප්‍රතික්ෂේප කරනවා.

පුංචි විවේකයක් ගත්තා කියන කතාව බොරුවක්ද?
නැහැ. ඒ කතාව ඇත්තක්. කලින් වැඩ කිහිපයක් කරපු හින්දා පොඩි විවේකයක් ලබාගන්න හිතුවා. ඒ වුණාට එහෙම ඉන්න වෙන එකක් නෑ. මොකද අලූත් වැඩකට ආරාධනාවක් ලැබුණා. මට තවම ඒ ගැන මාධ්‍යයට කියන්න බැහැ.

සඳනි පෙම්වතියක් නේද?
ඔව්. මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ.

ඔහුව මුණ හැහෙන්නේ ?
එයාව මුණගැහෙන්නේ එයාගෙත් මගෙත් පළමු නිර්මාණයේදීමයි. ඇත්තම කිව්වොත් මට එයාව හම්බවෙන්නේ මියුසික් වීඩියෝ එකකදී. මම කැමැති නැහැ දැන්ම ඒ ගැන හැමෝම දැනගන්නවාට.

සඳනිගේ ආදර කතාව මාධ්‍යයට කියන්න අකමැතිද?
ඔව්. අපේ ගෙදරින් කියලා තියෙන්නේ ඔය ගැන දැන්ම හැම විස්තරයක්ම මාධ්‍යයට කියන්න එපා කියලා.

රඟපෑමට පෙම්වතාගෙන් විරෝධයක් නැතිද?
කොහෙත්ම නැහැ. මොකද එයාව මට මුණගැහෙන්නේ මේ ක්‍ෂේත්‍රයේදී. ඒ නිසා මම කරන හැම වැඩකටම උදව් කරනවා.

-දිනේෂ් විතාන-


News Articles
Latest Videos
Most Popular Post