News Line| Off Air| Games
Generic placeholder image

Jan
9

චීන නැව් මුහුදේදී මුහුණට මුහුණ හප්පගෙන. Video සහිතයි.

835 Views


චීන නැව් මුහුදේදී මුහුණට මුහුණ හප්පගෙන. Video සහිතයි.

නැව් කියන්නේ ලෝකයේ පැරණිම ගමනා ගමන ක්‍රමවලින් එකක්. අතීතයේ ඉඳන්ම අාපු නැව් කර්මාන්තය දැන් ඉහළ තැනක තියෙනවා. රට රටවල් අතර විශාල බඩු තොග ප්‍රවාහණය කරන්න තියෙන හොදම ක්‍රමය තමයි නැව් කියන්නේ.

ගොඩබිම වගේ පාරවල් නැති නිසා ඕන තරම් නැව් වලට මුහුදේ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ නැව් අනතුරු වෙන්නෙ කුණාටුවලට අහුවෙලා, ගල්පරවල අයිස් කඳු වල හැපිලානේ. හැබැයි නැව් දෙකක් එකට හැපිලා කියලා කවදා හරි අහලා තියෙනවද?

මෙච්චර මේ මුහුදේ ඉඩ තියෙද්දී නැව්වලට යන්න ඉඩ නැතුවද හැප්පෙන්නෙ කියලා ඔබ අහවි. හැබැයි පහුගිය දවසක චීන මුහුදේ නැව් දෙකක් හැප්පුනා. තෙල් නැවක් සහ බඩු නැවක් තමයි මේ විදියට ගැටුනේ. අනතුර නිසා නැවියන් 32 ක් අතුරුදහන් වෙලා තියෙනවා.

ඉරානය විසින් කුලියට ගත්ත “සාන්චි” තෙල් නැව තමයි මේ විදියට අනතුරට ලක්වෙලා තියෙන්නේ. අනතුර වෙද්දි තෙල් ටොන් 135,000 ක් ප්‍රවාහනය කරමින් ඉඳලා තියෙනවා. අනතුරට ලක්වුන අනිත් නැව හඳුන්වන්නේ “ක්‍රිස්ටල්” කියලා. ක්‍රිස්ටල් නැව අයිති හොංකොං වලට. එ් වෙද්දි ක්‍රිස්ටල් බඩු නැවේ තිරිඟු ටොන් 64,000 ක් තිබිලා තියෙනවා.

තෙල් නැව තාමත් ගිනි ගන්නවා කියලයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කොහොම වුනත් තෙල් නැව බේර ගන්න දකුණු කොරියාව තවත් නැවකුයි හෙලිකොප්ටරයකුයි යවලා තියෙනවා.

https://youtu.be/zg5lIBmmeRc


News Articles
Latest Videos
Most Popular Post