සිංහරාජය කියන්නේ ලංකාවේ තියෙන වටිනාම වනාන්තරය. ලංකාවට වගේම ලෝකයටත් සිංහරාජය වටිනා නිසා යුනෙස්කෝව ලෝක උරුමයක් විදියටත් නම් කරලා තියෙනවා.
සිංහරාජයේ ලොකු සත්ව විවිධත්වයක් තියෙනවා. හැබැයි සිංහරාජ වනාන්තරයටම ඉන්නේ අලි දෙන්නෙක් විතරයි. මොකද අලි ඇතුන් වෙන්නේ වියළි කලාපය ආශ්‍රිතව නිසා. හැබැයි මේ අලි දෙන්නත් ඉවත් කරන්න යනවා කියලා අපිට ආරංචි වුණා. වනජීවී සංරක්ෂණ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා තමයි මේකට උපදෙස් දීලා තියෙන්නේ.
ඒ වෙනුවෙන් නිළධාරී කණ්ඩායමක් සහ රුපියල් මිලියන දෙකක මුදලක්ද වෙන් කරලා තියෙනවා. ඉතිරි වෙලා ඉන්න අවසන් අලි දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන අලි රැඳවුම්ගාලට රැගෙන යන්න කියලා සරත් ෆොන්සේකා අමාත්‍යවරයා උපදෙස් දීලා තියෙනවා.
සිංහරාජයේ අලි දෙදෙනා තෙත් කලාපීය පරිසරයකට හුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ සත්තු දෙන්නා හොරොව්පොතාන අලි ගාලේ රඳවා තිබ්බොත් උන් මිය යන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානයත් වන ජීවී දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවුඩයක් එවලා මේ ගැන විමසලා තියෙනවා. ලෝක උරුමයක් වන සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් තියෙනවා කියලා පරිසර සංවිධාන ප්‍රකාශ කරන්නේ.