News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

දේශිය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයෙන් ඉහල යාම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්.

753 Views


දේශිය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයෙන් ඉහල යාම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්.

දේශිය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයෙන් ඉහල යාමට හේතුව වත්මන් ආණ්ඩුව විසින් පැහැදිලි කර යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කරන්නේ නව ඉන්ධන මිල වැඩිකිරීම සාධාරණීකරණය සදහා ආණ්ඩුව විසින් මිල සූත‍්‍රයක් පිලිබදව ප‍්‍රකාශ කලද කිසිවෙකු එවැන්නක් මෙතෙක් දැක නොමැති බවයි.

වත්මන් ආන්ඩුව ඉන්ධන මිල නිරතුරුව ඉහල පහල දමමින් වසර අවසානයේදී ඉන්ධන අලවියෙන් වැඩි ආදායමක් ලැබීමට සූදානම් වන බව එම නිවේදනයේ සදහන්.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දේනනේ එලෙස මිල හැසිරවීම මහා පරිමාණ සිල්ලර වෙලද සමාගම් වැඩි ලාභයක් ලබා ගැනීම සදහා යොදන උපක‍්‍රමයක් බව යි.

එකවර දිවයින පුරා සියලූම පිරවුම්හල් වල ඉන්ධන මිල ගණන් ඉහල නැංවීම සිදු නොකර ජනතා විරෝධය අඩු කර ගැනීම සදහා ආණ්ඩුව සූක්ෂම ආකාරයෙන් ඉන්ධන මිල ඉහල දැමූ බව හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඒ අනුව අයි ඕ සී ඉන්ධන මිල පලමුව ඉහල නංවා දින කිහිපයක් තෙල් සංස්ථාවේ ඉන්ධන පැරණි මිල යටතේම අලවි කර පසුව ක‍්‍රමයෙන් එම ඉන්ධනද ඉහල දැමූ බවයි. රජය විසින් ඉන්ධන මිල ඉහල නංවනු ලැබුවේ ඊයේ සිට ක‍්‍රියාත්මක වන පරිදියි.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post