News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

චිත‍්‍රපට සංස්ථාවට එරෙහිව නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කෙරේ.

716 Views


චිත‍්‍රපට සංස්ථාවට එරෙහිව නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කෙරේ.

චිත‍්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරාගැනීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබෙනවා.

කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමිල රත්නායක මහතා මෙම නියෝගය ලබාදී ඇත්තේ චිත‍්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සමාගම් 04ක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා ලබන 17 වන දින එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරන ලෙස ජාතික චිත‍්‍රපට සංස්ථාව ප‍්‍රමුඛ වගඋත්තරකරුවන්ට නියෝග කර තිබෙනවා.

වගඋත්තරකාර ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් කඩිනමින් විරෝධතා ගොනු කරන බවයි.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post