News Line| Off Air| Games
Generic placeholder image

Jul
13

මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ සිරකරුවන්ගේ නාම ලේඛනය අධිකරණ අමාත්‍යංශයට භාරදෙයි.

514 Views


මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ සිරකරුවන්ගේ නාම ලේඛනය අධිකරණ අමාත්‍යංශයට භාරදෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට තීරණය කිරීමේ පදනම පිලිබදව සාකච්ඡුා කිරීම සදහා ලබන සතියේදී ජනාධිපතිතුමා හමුවීමට නියමිත බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා

එහි සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ මරණීය දණ්ඩනය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වෙත වාර්තාව ලබාදීමට පෙර අධිකරන අමාත්‍යංශය විසින් ඒ පිලිබදව පුලූල් අධීක්ෂණයක් සිදු කල යුතු බවයි

මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද අධිකරණ අමාත්‍යංශයට භාර දුන්නා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ගේ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිතුමා කළ නියෝගයට අනුව යි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලබා දී ඇති ලැයිස්තුවට එවැනි සිරකරුවන් 13 දෙනෙකුගේ නම් ඇතුළත් වනවා.

එම සිරකරුවන්ගේ ලිපි ගොනු අධිකරණ ලිපි ගොනු සමග සංසන්දනය කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව සකස් කරනු ඇති.

මරණ දණ්ඩනය සදහා භාවිතා කරන කඹය මේ වන විට පාකිස්ථානයෙන් ආනයනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ සදහන් කලා.

ඒ අනුව මේ වන විට අලූගෝසු තනතුුරට පුරප්පාඩු පවතින අතර ඒ සඳහා යළි අයැදුම්පත් කැඳවීමටයි කටයුතු යොදා ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ව කටයුතු කරන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන යෙදීමට තමා තීරණය කල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 11 වනදා ප‍්‍රකාශ කලා

ඒ රට තුල මත්ද්‍රව්‍ය පාලනය සදහා මරණ දඩුවම ගෙන ආ යුතු බවට කැබිනට් මණ්ඩලය පසුගිය 10 වනදා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කල ඒකමතික යෝජනාවක් සැලකිල්ලට ගනිමින්.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post