News Line| Off Air| Games
Generic placeholder image

May
21

සියතේ වෙනසක්. අද සිට වැඩසටහන් පෙල ගැස්ම වෙනස් වෙන්නේ මෙහෙමයි.

873 Views


සියතේ වෙනසක්. අද සිට වැඩසටහන් පෙල ගැස්ම වෙනස් වෙන්නේ මෙහෙමයි.

ලංකාවේ රේඩියෝ ශ්‍රාවකයන්ගේ සිත් වශී කර ගත්ත සියත FM අද ඉදන් වෙනස් වෙනවා. මේ වෙනස වෙන්නේ සියත FM වැඩසටහන් පෙළගැස්මේ. මෙන්න මේ විදියට තමයි අද ඉදන් සියත FM වැඩසටහන් පෙළගැසෙන්නේ.

සුපුරුදු පරිදි උදේ 5.00 ඉදන් 7.00 වෙනකන් “ඉසිවර සියත” විකාශය වෙනවා. හැබැයි අද ඉදන් ඉසිවර සියතෙන් ඔබත් එක්ක එකතු වෙන්නේ “බිනූ”. ලංකාවම ආදරය කරන “සියතේ අරවින්දගේ” සහ “ආශ්චර්යගේ” “Good Morning අරවින්ද with ආශ්චර්යා” වැඩසටහන නම් පොඩ්ඩක්වත් එහා මෙහා කරලා නෑ.

අද ඉදන් ආන්ටි CCTV විකාශය වෙන්නේ නෑ. ඒ වෙනුවට උදේ 10 ඉදන් 12 වෙනකන් “සජීව” එක්ක “ජීනු” එනවා ඔයගොල්ලන්ව හමුවෙන්න. වෙනදට 12 වෙද්දී ගොඩක් අය බලාගෙන හිටියේ කොච්චි එනකන්. හැබැයි අද ඉදන් කොච්චිව 12 ට අහන්න වෙන්නේ නෑ. ඒ වෙනුවට 12 ඉදන් 2 වෙනකන් “TD” එනවා “සියත Highway” අරගෙන.

කෝච්චිව අහන්න ඕන අයට 2 වෙනකන් බලාගෙන ඉන්න වෙනවා. ජනතාවගේ ඉල්ලීම නිසා ඔන්න වැඩිපුර පැයක්ම කොච්චිට දීලා තියෙනවා. දවල් 2 ඉදන් හවස 5 වෙනකන් “කොච්චි” ඉන්නවා ඔයාලා එක්ක.

ඔන්න අද ඉදන් Office ඇරිලා ගෙදර යන ගමන් “නිකමට වගේ” සම්පූර්ණ කතාවම අහන්න ඔයාලට පුළුවන්. හවස 5 ඉදන් 7 වෙනකන් නිකමට වගේ අරන් “වෙනුර” එනවා ඔයාලගේ ගෙදරට.


News Articles
Latest Videos
Most Popular Post