News Line| Off Air| Games
Generic placeholder image

May
15

හෙට සිට බස් ගාස්තු ඉහළට.

944 Views


හෙට සිට බස් ගාස්තු ඉහළට.

බස් ගාස්තු ඉහල නැංවීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සියයට 06 යි දශම 56 කින් බස් ගාස්තු ඉහල නැංවීමටයි අනුමැතිය ලබා දී ඇති බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ.

හෙට සිට මෙම බස් ගාස්තු සංශෝධනය සිදු වනවා. කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ.

ඒ අනුව දැනට පවතින රුපියල් 10 ක අවම බස් ගාස්තුව එලෙසම පවතිනු ඇතී. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප‍්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින කැබිනට් මණෟඩලයට ඉදිරිපත් කලා.

කැබිනට් මණෟඩලය අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී රැුස් වුනේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්

SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post