News Line| Off Air| Games
Generic placeholder image

May
21

අධික වැසි සමඟ සියලුම ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම් පිටාර මට්ටමට

662 Views


අධික වැසි සමඟ සියලුම ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම් පිටාර මට්ටමට

අධික වැසි සමඟ සියලුම ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්න වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ මහත්මිය ආපදා කළමණාකරන අමාත්‍යංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ ප‍්‍රදේශ කිහිපයකට මේ වන විටත් ගංවතුර තත්වයක් මතුව ඇති බවයි.

ඒ අනුව හංවැල්ල අවිස්සාවේල්ල, හොලොම්බුව, දැරනියගල, කිතුල්ගල යන ප‍්‍රදේශ වල මේ වන විට පවතින ගංවතුර තත්වය තවදුරටත් ඉහල යමින් පවතින බව ඇය සදහන් කලා.

නාගලගංවීදීය මාපකයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් තව පැය කිහිපයක් තුල මෝදර සහ කැලණිය ප‍්‍රදේශයන් තුල ගංවතුර තත්වයක් ඇති විය හැකි බව ද ඇය ප‍්‍රකාශ කලා.

මහවැලි ගංගාවද මේ වන විට නාවල පිටිය ප‍්‍රදේශයෙන් පිටාර ගලා ඇති අතර ඒ හේතුවෙන් එම ප‍්‍රදේශයේ පවුල් 121 ක් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර මහනුවර, පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7ක් ද මේ වන විට විවෘත කර තිබෙනවා. මහවැලි අධිකාරිය සඳහන් කළේ, ඉන් තත්පරයට ඝන අඩි 23,200 පමණ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හරින බවයි.

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් දැදුරු ඔයේ වාන්දොරටු 4ක් සහ උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතයි.

මේ අතර දිස්ත‍්‍රික්ක 8 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කල නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලේ කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල කුරුණෑගල සහ කොළඹ යන දිස්ත‍්‍රික්කවලට එම නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් බලපැවැත්වෙන බවයි.

කළුතර පාලින්ද නුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට නායයෑමේ අවදානම් රතු නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

SIYATHA FM TOP STORY | 06:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post