News Line| Off Air| Games
Generic placeholder image

May
21

අයහපත් කාළගුණ තත්වයට මුහුණ දී ඇති ප‍්‍රදේශවල පාසල් පැවැත්වීම ගැන තීරණය කිරීමේ බලය පළාත් බලධාරීන්ට

670 Views


අයහපත් කාළගුණ තත්වයට මුහුණ දී ඇති ප‍්‍රදේශවල පාසල් පැවැත්වීම ගැන තීරණය කිරීමේ බලය පළාත් බලධාරීන්ට

පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාම් තත්ත්වයන්ට මුහුණ දී ඇති ප‍්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබා දී තිබෙනවා.

අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට ආපදා තත්ත්වය හේතුවෙන් තම පාසල පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්නම් ඒ පිළිබඳ පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කොට තීරණයකට එළඹිය හැකියි.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට දිස්ත‍්‍රික්ක කිහිපයක පාසල් පැවැත්වීමේ කටයුතු වලට බාධා මතුව ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ආපදා තත්ත්වයකදී සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ පාසල් කිහිපයක් අද සහ හෙට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. සබරගමුව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ රත්නපුර, දෙහිඔවිට, නිවිතිගල කලාපයේ සියලූම පාසල් අද සහ හෙට දිනයන්හිදී වසා තැබෙන බවයි.

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post