News Line| Off Air| Games
Generic placeholder image

May
16

2019 ඉඳන් සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වුනත් උසස්පෙළ කරන්න පුළුවන්

684 Views


2019 ඉඳන් සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වුනත් උසස්පෙළ කරන්න පුළුවන්

රටේ කිසිඳු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.

වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලූ දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙන බවත්,13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැකියා වෙළඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමුකිරීමත් රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හරහා නව ලොව රැකියා අවස්ථා සඳහා පුළුල් ඉඩ ප‍්‍රස්ථා විවර කරදෙමින් නව වෘත්තීය විෂයයන් 26ක් සහිත ව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙනවා.

මෙම වැඩසටහනෙහි පළමු අදියරේ දී පාසල් 42ක සිසුන් 4000කට අධික සංඛ්‍යාවකට වෘත්තීය විෂයධාරාව හැදෑරීමට අවස්ථාව සැලසුණු අතර, දෙවැනි අදියරේ දී පාසල් 150ක සිසුන් 14000කට අධික පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post