News Line| Off Air| Games
Generic placeholder image

Jul
14

පාකිස්ථානයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය ගණන 128 දක්වා ඉහළට

415 Views


පාකිස්ථානයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය ගණන 128 දක්වා ඉහළට

නිරිතදිග පාකිස්තානයේ මැතිවරණ ප‍්‍රචාරක රැුළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 128 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප‍්‍රහාරයේ වගකීම අයි එස් සටන්කාමීන් විසින් භාරගෙන තිබෙනවා.

මීට පෙර ද පකිස්ථානයේ බන්නු නගරයේ පැවති දේශපාලන රැුළියකට ප‍්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ පාකිස්ථාන ඉතිහාසයේ දේශපාලන රැස්වීමකට එල්ලවූ දරුණුතම ප‍්‍රහාරය මෙය බවයි
2014 වසරෙන් පසු පකිස්ථානයට එල්ල වූ දරුණුතම ප‍්‍රහාරය ද මෙය වනවා.

SIYATHA MID DAY NEWS | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post