News Line| Off Air| Games
Generic placeholder image

Aug
18

මුුහුදේ සුළගේ වේගය ඉහළට.

370 Views


මුුහුදේ සුළගේ වේගය ඉහළට.

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ වල සුළෙඟ් වේගය ඉහළ මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 70ත් 80ත් දක්වා වැඩි විය හැකි බවයි.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මෙන්ම ත‍්‍රිකුණාමලය සිට මඩකළපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළෙඟ් වේගය පැයට කිලෝ මීටර 50ත් 60ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි වනවා. ධීවර සහ නාවික ප‍්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කල යුතුයි.

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර දිස්ත‍්‍රික්කයටත් එලෙස තද වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ සියළුම වාන් දොරටුවලට ඉහලින් අද අළුයම වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

මවුස්සාකැලේ හා ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තුන බැඟින් විවෘත කර ඇති අතර ,කැනියොන් සහ ලක්ෂාපාන ජලාශවල සියළුම වාන් දොරටු විවෘත කර ඇති බවයි විදුලි බල මණ්ඩලය සදහන් කළේ.

Siyatha Top Story | 02:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post