News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

මහසොන් බලකායේ ප‍්‍රධානියා ඇතුලු 8 දෙනා යළි රිමාන්ඩ්.

379 Views


මහසොන් බලකායේ ප‍්‍රධානියා ඇතුලු 8 දෙනා යළි රිමාන්ඩ්.

මහසොන් බලකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහ ඇතුලූ 8 දෙනා ලබන 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

මහනුවර ප‍්‍රදේශයේ පසුගිය දින වල සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා. සිද්ධිය සම්බ්න්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනෙකු පසුගිය 9 වනදා ඇප මත නිදහස් කරනු ලැබුවා.

මේ අතර හැටන් ප‍්‍රදේශයේ පෞද්ගලික වාණිජ බැංකුවක් පොලීසිය විසින් හදිසියේ වටලා තිබෙනවා. ඒ එම බැංකුවේ මංකොල්ලයක් සිදු වන බවට පොලීසිය වෙත ලද තොරතුරකට අනුවයි.

බැංකුවේ කළමනාකාරවරයා වෙත ලැබුනු තොරතුරකට අනුව ඒ බව පොලීසියට දැනුම් දී ඇත්තේ එහි ආරක්ෂක නිලධාරීන් විසින්. ඒ අනුව බැංකුවේ ආරක්ෂිත සීනුවද නාද කර ඇති අතර ඒ හේතුවෙන් බැංකුව තුල නොසන්සුන්තාවයක් ඇතිවූ බවයි අප ප‍්‍රාදේශීය වාර්තාකරු සදහන් කලේ.

කෙසේවෙතත් පසුව අනාවරණය වුනේ බැංකුව වෙත පැමිණි ගනුදෙණුකරුවන් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් මංකොල්ල කෑමක් ලෙස වැරදියට සන්නිවේදනය වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post