News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

විජයකලාගේ ප‍්‍රකාශය ගැන මැති ඇමතිවරුන්ගෙන් ප‍්‍රකාශ ඉල්ලයි.

359 Views


විජයකලාගේ ප‍්‍රකාශය ගැන මැති ඇමතිවරුන්ගෙන් ප‍්‍රකාශ ඉල්ලයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය ප‍්‍රදෙශ්යේදී සිදුකල ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම උත්සවයට සහභාගී වූ මැති ඇමතිවරුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දී සිටියේ ඒ සදහා කතානායකවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි.

අදාල නඩුව අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැදවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය එම දැනුම් දීම සිදුකලා.

එම කොට්ඨාශය එහිදී සදහන් කර සිටියේ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 40 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ඇති බවයි.

එම උත්සවයට සහභාගී වූ රාජ්‍ය නිලධාරීන් වව්නියාව සහ යාපනය දිසාපතිවරුන් මෙන්ම උත්සවය ආවරණය කල මාධ්‍යවේදීන් ද ඊට ඇතුලත්.

ඒ අනුව අදාල නඩුව ලබන අගෝස්තු මස 10 වනදා යලි කැදවීමට අධිකරණය නියෝක කලා.

උතුරු ප‍්‍රදේශයේ ජනතාවට මතුව ඇති ගැටලූ වලට විසදුම් ලබා ගැනීම සදහා එල් ටී ටී ඊ සංවිධානය යලි ඇති විය යුතු බව හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය ප‍්‍රදේශයේදී ප‍්‍රකාශ කර සිටියේ පසුගිය ජුනි මස 2 වනදායි.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post